Showing posts with label ටීවී. Show all posts
Showing posts with label ටීවී. Show all posts

Tuesday, August 23, 2011

මෙගා

එහා ගෙදර ඇන්ටනාව
නිතර මෙහා පැත්තට නැවෙන

අම්මාටම උසුළු විසුළු කරන
අපිට නෑසෙන්න
හෙමිහිට

'කෝ දැන් නැෂනල් ජියොග්‍රැ‍ෆික්
ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන
ස්ටාර් මූවීස් '
අම්මා රකියි මුණිවත
ගෙතුළට වැදී
ලක්හඩ අහමින්

රාත්‍රියට සද්දෙ වැඩිවන
සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන
අම්මා එවිටත් ලක්හඬ අහන

'ටීවී නම් නැතුවත් කම් නැත
බලන්න තියෙන නිදහස
අර ඇන්ටනාව තමයි මට කරදර
ඊයේ පෙරේදා සිට
මටම හිනාවෙන '

ඩයලොග් ටීවී උදාරම් ලෙස
වහලයේ පැත්තක මළකඩ කන
'හිටපන් ගෙවනකන් කවුරුම හරි බිල'
දත් කූරු කමින්
ඇන්ටනාවට බණින

අම්මා වැඩිපුර ගෙතුළ ‍රැදෙන
කුරුල්ලන් බලන්නත්
දැන් එළියට නොයන
ඉදහිට සංසලාවත් මතක් කරන
මෙගා ළඟ අසරණ හරි පුංචි කත

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Monday, February 7, 2011

ජාත්‍යාලයට මෙඩිකල් එකක්!

අමාරුවෙන් හිටගෙන හිටපු සමාලි ඉවසන්න බැරිම තැන ඉඳගත්තෙ පසුබිමින් ඇහෙන ජාතික ගීය අමතක කරලා....

කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...

උදේ දරුණුවට තිබුණෙ නෑ. කවුද හිතුවෙ කාර්යාලෙට ආපු ගමන් මේ තරම් වැඩි වෙයි කියලා...

සමාලි කුසට අත් දෙක තද කරන් මේසෙ ඔළුව තියාගත්තෙ ඉවසන්න බැරිකමට...


...............................


තර්ක විතර්ක ගැරහීම් ගොඩකට පස්සෙ සමාලිට කැඳවීමක් ලැබුණා.

“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”

අධ්‍යක්ෂතුමා කණ්නාඩිය ගලවලා පිහිදන ගමන් සමාලි දිහා බැලුවෙ රවාගෙන...

“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”

සමාලිගෙ ඇස්වලට කඳුළු ඉනුවා...

“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Thursday, September 16, 2010

මීඩියා කයිය.

පත්තරයකුයි ටීවී චැනලයකුයි කයියට වැටුණා.

"අග්‍රවාල් කොම්පැනියේ විසාල ස්ට්‍රයික් එකක්ලු. රස්සාවෙන්‍ දොට්ට දමනවලු එකසිය ගාණක්? මම නම් පිටු දෙකක් පුරා දැම්මා."

"අග්‍රවාල් තමයි අපට වැඩියෙම ඇඩ් දෙන්නේ. ඇදලා ප්‍රෝග්‍රෑම් දැම්මොත් ඇඩ් කපල දායි. "

"මම අර ජොබ් නැති වෙච්ච අයගේ ඉන්ටවීව් ටිකක් පත්තරේට දමන්නම්. උඹ අග්‍රවාල් ලොක්කා එක්කල ඉන්ටවීව් එකක් විකාශනය කරපන් රස්සාවල් නැති කරපු එක ගැන සාධාරණීකරණය කරල අපේ පත්තරේට බැනලා."

"එහෙනම් උඹ අපේ චැනල් එකටත් බැනල ලියපන්. අපිත් නිවුස් වලටයි සංවාද වැඩසටහනෙනුයි උඹලයි පත්තරේට බැනල දාන්නම්."

"ඔව් එතකොට පත්තරෙන් ස්ට්‍රයික්කාරයෝ ටික උඩ දමන එක නවත්තන්න අග්‍රවාල් කොම්පැනියෙන් අපේ පත්තරේට ඇඩ් ලැබෙද්දි ස්‍ට්‍රයික්කාරයින්ට බම්බු ගහන්න කියලා අපි‍ දෙගොල්ලම ගොඩ යමු. ".

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Related Posts Plugin for WordPress, Blogger...