Showing posts with label බැංකුව. Show all posts
Showing posts with label බැංකුව. Show all posts

Tuesday, March 29, 2011

ඇත්තටම බැංකුවක්ද

නිව්යෝර්ක් නගරයේ සිද්ද වුන ඇත්ත කතාවක්. හොරු දෙන්නෙක් රාත්‍රියේ බැංකුවකට රිංගුව. පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගට් වගයක් තිබුන, සල්ලි නැහැ. පරණ රසක් තිබුනත් යෝගට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගට්. ඒ යෝගට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳයි, හොරු දෙන්න ඒවත් රහ බලල තුන්වෙනි සේප්පුවත් ඇරිය. ඒකෙත් සල්ලි නෙමෙයි යෝගට්, ඉස්සෙල්ල ඇරපු සේප්පු දෙකේම එව්වට වඩා නැවුම් ප්‍රනීත රසක් තුන්වෙනි සේප්පුවේ යෝගට්. හොඳට සප්පායම් වෙන ගමන් එක හොරෙක් අනිකට කිව්ව එලියට ගිහින් ආයෙමත් බෝර්ඩ් එක බලල වරෙන්, මේක ඇත්තටම බැංකුවක්ද කියල. පොර බලාගෙන ඇවිත් කිව්ව ෂුවර් එකටම බැංකුවක් මචන් එලියෙ තියෙන්නෙ "ශුක්‍ර ධාතු බැංකුව, නිව්යෝර්ක් ශාඛාව"

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...