Showing posts with label Super star. Show all posts
Showing posts with label Super star. Show all posts

Tuesday, May 3, 2011

මැයි පලවෙනිදාට පසු දිනය...

හැමවෙලේම සිස්ටම් එක වෙනස් කරන්න විවිධ මගුල් නටන අපි අධිරාජ්‍යවාදයටත් එරෙහිවෙලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා පෙත්සම් ගහනකොට අපි සිස්ටම් එක ඇතුලේ ඉන්න ගමන් ඒක පෙරලන්න මාන බලද්දි මනුස්සකම මාකට් එකොනොමි එක ඇතුලේ ගොඩදාන්නේ බෑ! කියන එක එන්න කලින් අපි අනික් මනුස්සයාට කරන උදව් එයාගෙන් ආයි බලාපොරොත්තු වෙන්න නැතුව එයාගෙන් වෙන අයට ඒ දේ වෙන්න දිරිගැන්වුවොත් අපි එකිනෙකාට උදව් කරන සමාජයක් ඇතිවෙයි කියලා හිතුවත් හැමෝම අවංක වෙන ඒ වගේ සමාජයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බැ කියලා හිතන එක හරියට නිකං සිරසට බනින උන්දැලා කියන බයිලා පිලිගන්න ගමන් සුපර් ස්ටාර් බලනවා වගේ නේද කියලා හිතෙද්දි විලියම් කැතරීන් එක්ක හනිමූන් ගියානේ ආයුබෝං.....


ලියා එව්වේ - හේත්තුහාමි (http://heththuhami.blogspot.com/)

Sunday, October 31, 2010

රතු කොඩි...

මම නැග්ගෙ පිටකොටුව බස් එකක.138.කොටුව - පිටකොටුව.ඉඩ කඩ ඕන පදං.
සුප්‍රසිද්ධ ගායකයා ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගන්නකල් දැක්කෙ  නෑනෙ  මම.මට හීන් දාඩියයි දැම්මෙ.මම යාන්තමට හිනා වුණා.මිනිහත් කට පුරෝලම හිනා වුණා.සුමුදු සුදු මුතු දසන්. :මට මතක් වුණේම මං මුලින්ම අහපු ගීතෙ.

උයනක මල්
දහස් ගණන්
පිබිදුණු අතරේ

නෙත නොගැටුණු
කටු පඳුරක
සුපිපුණු කුසුමේ........
ඒ.........................
කුසුමේ.............

මට ආස හිතුණෙ නෑ කවදාවත්ම ඒ පදවැල් වලට.රිද්මෙට.හිත ගියෙම දිග නාහෙට.හිත කැමතිම විදිහෙ එකක් ඒක,අද තමයි කැමතිම විදිහෙ දිග ඇඟිලි තියෙන බව දැක්කෙ..ගානට රෝස පාට.

බස් එක නැවැත්තුවා.
පොඩි එකෙක් පාර පනින්න යනවා.
කහ ඉරෙන්.

මම අද ඉඳන් කැමත්ත වෙනස් කරගන්නවා.
දැම්ම හිතට රතු කොඩියක් !

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...