ISP සර්වර්ය හරහා අවකාශයට මුසු වෙලා, HSPDA තාක්ෂණයෙන් මගේ නෙත් ඉස්සරහට වැටුනු යුනිඛේත ගොන්නක එක බින්දුව අතරින් තෝරලා බේරලා ගත්ත ඔය හිතේ ලස්සන, මගේ හීන ලෝකේ සරසපු මොහොතේ ඉඳන් කොයිතරම්නම් උත්සහ කලාද loophole එකකින් ගිහින් ඔය හිත Hack කරන්න.
ඒත් කවදාවත් මට බැරි උනා ඔයාගේ Encoding system එක තේරුම් ගන්න. ඔයා හැම වෙලාවේම පාවිච්චි කලේ Asymmetric Private Key එකක්, ඒක ඔයාගේ Style එකට හැමවෙලාවේම වෙනස් උනා.
මගේ හිත හැම වෙලාවේම Plane text එකක් උනත් ඔයාගේ හැම වචනයක්ම Encoded. ඒ වචන Decode කරගන්න බැරි නිසාම මම ඒවා අනුමාන කලා. අන්තිමේ ඉගෙන ගත්ත එකම පාඩමක්, ඔයා වගේම ඔයාගේ අදරෙත් වර්චුවල් කියන එක.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)