Monday, January 17, 2011

ඔයයි මමයි..

පොලොව මත දඟකරපු ලා හිරු කිරණ වසාගෙන ඇදහැලුණු මහා වරුසාවකින් පොළොව තෙමීගියා.

ඔයත් සැණින් වෙනස්වෙන අහස වගේ... මට හිතුණා.

අහස්කුසේ ඇතිවෙන සැම විපර්යාසයකම ප්‍රතිපල භුක්තිවිඳින මහපොලොව මං වගේ.

ඔයා මොනතරම් ඈත වුණත් කිසිදාක හිමි නොවුණත් ඔය ඇහිපිල්ලමක වුණත් වෙනසක් මට දැනෙනවා.

වෙරළේ හැපෙන රැල්ල මොහොතකින් ආපහු මුහුදට යනවා.

ඔයත් මේ රැල්ල වගේ. වෙරළ බලාගෙන ඉන්නවා රැල්ල ආයෙත් එනකම්, හරියට මම වගේ.

කිසිදාක ළග නොරැ‍ඳෙන බව දැනුණත් ඔයා ළඟට එනකොට මගේ හිත පිරෙනවා,

එනකන් මගේ හිත ඇඟිලි ගණිනවා.

දකින්න මගේ ඇස් දැවෙනවා.

ඒත් වෙරළ රිද්දල යන රැල්ලවගේ මාව රිද්දලා ඔයා ආයෙත් යන්න යනවා.

අනේ මේ හිත හැමදාම එකම තැන ඉඳන් විඳවනවා.


ලියා එව්වේ - පබලු (http://magethanikama.blogspot.com/)

4 comments:

  1. සත්තකින්ම..... මේක හරියටම මම අත්විඳින (විඳවන ) හැඟුම් ගැනම ලියල වගේ....

    ReplyDelete
  2. හ්ම් හ්ම්.......

    "අනේ මේ හිත හැමදාම එකම තැන ඉඳන් විඳවනවා."
    සැබෑවකි.......

    ReplyDelete
  3. දුක් විඳීම ස්වයං තෘප්තියක් වගේ එකක්නම් කමක් නෑ... නැත්තං අහස වෙන්න, මුහුදු රැල්ල වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්...

    ReplyDelete
  4. අනේ මන්ද බං.. දැන් බලන් යනකොට හැම සක්කරයම විඳවනවනෙ බොලව්.. පබලු නගෝ රැල්ල ඇවිල්ල වෙරළෙ තියෙන වැලිත් ඇටෙන් ඇටේ අරන් යනව නගෝ.. දන්නෙමත් නැතුව උඹවත් හේදිලා යාවි... ඒක හින්ද ඔය රැල්ලට යන්න ඇරපන්..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...