Thursday, January 6, 2011

ගින්දර ටිකක්...

''මචං.... දැන් ඒක ගැන කල්පනා කරලා වැඩක් නෑ. වෙච්ච දේ වුනා.''
තවත් එක කාලකන්නියෙක් මට ඒක මතක් කරලා දෙනකන් හිත කොහේදෝ රික්තයක අඥාත දිශාවකට ඔහේ පාවෙමින් තිබුනේ.
''වැරදි වෙන එක මනුෂ්‍ය ස්වභාවය''
ඌ තව පඩි වදනකුත් ඈදබෑවා.
''මචං... ඇති''
ඒ අනිත් කාලකන්නියා.
''මොනවා වුනත් මීට වඩා නාගන්න බෑ බං. දැන් ඕක අමතක කරලා දාපන්...''
''ඕයි! නවත්තගන්නවා ඕක!''
ඒ පාර නම් අරූට සැරටම මල පැන්නා. ඇත්ත.... එහෙම නොවුණ නම් තමයි අවුල.
''අපි මෙච්චර කාලකන්නි වුණේ ඔය කෙහෙල්මල කරන්න නෙමෙයි.''
තුන් දෙනාටම ඊට වැඩිය කතා කරන්න දෙයක් තිබුනෙ නෑ...
.........................................................................
''මචං...''
''ඇයි?''
''ගින්දර පොඩ්ඩක් දීපන්.''
ටික වෙලාවකින් තවත් සිගරට් කොටයක් කාණුවට එකතු වුණා.

ලියා එව්වේ - කෝසල සෙනෙවිරත්න (http://kombuwaonline.blogspot.com)

4 comments:

  1. ඔය අඟල් දෙක අලුවෙනකල් විතරයි ඔක්කොම..! ඊට පස්සේ ඔක්කොම ඉවරයි..!

    ReplyDelete
  2. ඒ කතාව ඇත්ත.. ඒත් ඔය අඟල් දෙක ඉවරවෙන වෙලා ඇතුලේ තියෙනවා ලස්සන ඩයලොග් එකක්.. ඒකට තමා මිනිස්සු වැඩිපුර ඇබ්බැහි වෙන්නේ.. නියමයි..

    ReplyDelete
  3. ඔව් ඕයි මගුල! මේ ජීවිතේ කියන අඩි පහමාර ඉවර වුණා නම් සේරම ඉවරයි!

    ReplyDelete
  4. ආගන්තුකයාගේ කතාවට මාත් එකඟයි. සිගරට් එකේ දිග පළල වගේ දේවල් නොදන්නවා උනත් සිගරට් එකක් පත්තුකරගත්තම ලොකු ඩයලොග් එකක් නම් හැදෙනවා. මමත් ඔය බොහෝ වෙලාවට ඔය වගේ එකක් එක්ක රවුම් ගහන්නේ ඒක හින්දම වෙන්න ඕනේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...