Showing posts with label ෆෝන් එක. Show all posts
Showing posts with label ෆෝන් එක. Show all posts

Monday, August 8, 2011

වෝකි ටෝකි

දැකල තියෙනව නේද පොලිස් අංකල්ලා ගාව තියෙන වෝකි ටෝකි? ඒක ඩුප්ලෙක්ස් පණිවුඩ හුවමාරු ක්‍රමයක්. එක වෙලාවකදි එක්කෙනෙක්ට විතරයි කතා කරන්න පුළුවන්.

ඔයාලගෙ ෆෝන් එකෙනුත් ලේසියෙන්ම ඒ වගේ වෝකි ටෝකියක් හදාගන්න පුළුවන්.

උවමනා වෙන්නෙ ෆෝන් එකයි (චයිනීස් එකක් නම් නියමයි) කතා කරන්න කෙනෙකුයි විතරයි.

ඉස්සෙල්ල මේ පෝස්ට් එක ඔයාට කතා කරන්න ඕන කෙනාටත් පෙන්නන්න.

ඊලඟට එයාට කෝල් එකක් ගන්න.

එයා ආන්සර් කරද්දි ඔයා ෆෝන් එක කණ ගාවට ගන්න.

ඔයා කතාකරද්දි ෆෝන් එක කට ගාවට ගන්න.

ඔය වගේ තමන් කතා කරද්දි කට ගාවටයි එයා කතා කරද්දි කණ ගාවටයි ෆෝන් එක මාරු කරන්න.

ඔය බස්වල යද්දි කස්ටිය වෝකි ටෝකි ටෝක්ස් දානව දැකල ඇතිනේ...


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Friday, July 22, 2011

කෝලය

කියන්න තියෙන දේවල් ලියාගත්ත කොලේ පෙරල ගත්තා.
හරි හරි. ඔක්කොම දැන් කට පාඩම්.
ෆෝන් එක අතට අරගෙන නම්බර ඔබන්න පටන් ගත්තා.
ටීක්... ලබ් ඩබ් ටීක්... ලබ් ඩබ්
අම්මෝ නම්බර 10ක්ම තියෙනවානෙ.
දැන් නම් ඇඟට පනත් නෑ වගේ.
හරි කොළ පාට එකත් එබුවා.
ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්
අයියෝ මේක වැඩ කරන්නෙ නැද්ද. ආ හරි
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ් බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්...
දාඩියත් දාලා. මාර රස්නෙ දවසක්.
දැන් මොකක්ද කියන්නෙ.
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්.......
ටීක්.................
අයියෝ. සාර්ථක 15 වෙනි වතාවටත් ගත් කෝලය අසාර්ථක විය.

ප.ලි - දැන් ඉතින් තව කෝලමක් නටන්න වෙයි වගේ.

ලියා එව්වේ - අසුරයා (http://dinukathilanga.wordpress.com/)

Related Posts Plugin for WordPress, Blogger...