Showing posts with label buzz. Show all posts
Showing posts with label buzz. Show all posts

Wednesday, May 25, 2011

කොල්ලෙක්ට හිත ගිහින්...

එහා මේසේ කොල්ලො සෙට් එකම අපෙ දිහා සැරින් සැරේ හොරෙන් බලද්දි මම හිටියෙ නිකංවත් උන් දිහා නොබල.

එකෙක්වත් ගණන් නොගෙන.

අන්ජුයි, තිළිණියි, සුලායි එක්ක කෝක් කෑන්වලට වගකියමින්.

ඒ වෙලාවෙයි දැක්කෙ බොහොම අහම්බෙන් ඒ කොල්ලො අතරෙ හිත ගිය ඇස් දෙකක්.

ජෙල් ගාපු උල් කොණ්ඩෙ, කියුට් ඇඟක්... බිමට බරවෙලා තියෙන මූනෙ අමුතුම ලස්සන හිනාවක්.

එ විධියට හිනාවෙන නළුවා මම මතක් කලේ. හොලිවුඩ්? බොලිවුඩ්? මතක නෑ...

මම එයා දිහා බලන් හිටියා.

හොරෙන්. කාටවත් නොදැණෙන විධියට.

එයා ඔළුව උස්සලා බලන්නෙම නෑ...

ෆෝන් එකෙන් කොටනවා කොටනවා... වට පිටාව ගැන කිසිම අවධානයක් නෑ...

චැට් කරනවද කොහෙද...

මට පේන්නෙ මෙයා ට්විටර්, ෆේස්බුක්, බස් සේරම ෆෝන් එකේ දාගෙන.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Sunday, January 23, 2011

විසි වසරකට පෙර..

"අද 91, ජනවාරි පළවෙනිදා, මෙයා තාමත් නෑනෙ...........!"

"මාර චාටර් එක, එනවා කිව්වහම වෙලාවට එන්නෙ නැහැ.........!"

"මම විනාඩියක් පරක්කු උනොත් තමයි විජ්ජුම්බරේ........"

"ෂිහ්... මොබයිල් එකට කෝල් එකක්වත් දීල පරක්කු වෙනවා කියන්නවත් තිබුනා.....!"

“නැතිනම් එස්.එම්.එස් එකක්........”

“අද එන්නෙ නැතිව වත්ද........?”

“එහෙම උනොත්, ගෙදර ගිය ගමන් ලැප් එකට ඩොන්ගල් එක ගහල යනවා නෙට්...”

“දෙන්නම් මම ගුගුල් ටෝක් එකෙන්.......!”

"ස්කයිප් එකේ හරි ඉන්නෙ නැතෑ... දෙන්නං පොරි හැලෙන්න...!"

“බැරිම උනොත් ෆේස් බූක් මැසේජ් එකක් යවනවා............!”

“වෝල් එකෙත් මොනව හරි ලියල දානවා ඔක්කෝටම පේන්න............!”

“හුටා, තාම 91 නේද...........?

“මොබයිල්, එස්.එම්.එස්, ලැප්, ඩොන්ගල්, නෙට්, ගූගුල් ටෝක්, ෆේස් බූක්.........”

“මේවා තාමත් හොයාගෙන නෑනෙ..........!”

“ඉතින් කොහොමද යකෝ ලව් කරන්නෙ....?”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Friday, December 24, 2010

ඇඹලයෝ

කෑලි පින්තූර වටේ රවුම් ගහමින
comments දමමින් ලස්සනයි කියමින
සිතමින් සිටිය හැකි වෙත් නිදිවදිමින
දනන් සිටිති ජාලයේ sick ගහමින

ගෑණු ලියන කල බ්ලොගයේ බැඳි හාද
comments දමා නියමයි යැයි කීවාද?
follower වී පිරිවර වැඩි කරාවෙද?
අනෙකුන් කපා රජ වෙන්නට හැකි වේද?

අනේ දෙවියනේ උන්ට උනු වියෝයා
කරන්ට් පුළුස්සා buzz එකේ ගියෝයා
උදව් කරපු උන් අහකට දැමුවේයා
අවසන ඒකි අරුත් එක්ක ගියේයා

tweet ගසා “ලස්සන” යැයි පැවසුවෙද?
ඇගේ සියලු දේ retweet කෙරුවේද?
වටේ හිටපු උන් කින්ඩිය දැම්මේද?
තිත්ත මිදි නිසා හිවලා දිව්වේද?

හොඳට හැඩට යසට
හිඳ හැර ගිය පරට්ට

නාඩන් මචං නාඩන් මා විහිළු කලා
එන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා


ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...