Showing posts with label මාළු. Show all posts
Showing posts with label මාළු. Show all posts

Tuesday, April 5, 2011

නිකං දෙන බත්

කියන්නෙනම් ගෙදර අම්ම හදන බත් එක තරම් කෝකත් රස නෑ කියල.

මල්ලිකාගෙ අම්ම නැති වෙලත් අවුරුදු ගාණක් වෙලා නිසා එයාට කොහොමත් එහෙම අවස්ථාවක් නෑ...

ඒ නිසා හම්බවෙන ඕන බත් එකක් සුටුස් ගාල ගිලල දාන්න මල්ලිකාට පුළුවන්.

මේ පාර ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වෙල ඉස්පිරිතාලෙ නවතින්න වුණ එක ගැන මල්ලිකා සතුටු වුණේ පුංචි විවේකයක් නිසා ඒක.

ලොකු දුවයි පොඩි දුවයි මාරුවෙන් මාරුවට උදේ දවල් රෑ තුන් වේලටම කෑම බීම හදල එව්ව.

ඉස්පිරිතාලෙන් දෙන කෑම එකත් වරදක් නෑ...

මාළු කෑල්ලම ඇති බඩ පිරෙන්න...

ඒ සයිස් එකට ගෙවල්වල නම් මාළු කපන්නෙත් නෑ...

මාළු කෑල්ල පිරියෙන් කන්න පුළුවන්..

ඉතිරි බත් ටික හෙමීට විසි කරන්නනේ තියෙන්නේ...


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...