Showing posts with label ගල් ලෑල්ල. Show all posts
Showing posts with label ගල් ලෑල්ල. Show all posts

Tuesday, July 26, 2011

පොත් ලිස්ට් එක

"ශමාල්, ඉස්කෝලෙන් පුතාගේ පොත් ලිස්ට් එක එවලා......!"

"නෙත්මි, අපි හවසට ගිහින් ගමු, මොනවද ගන්න ඔනේ....?"

"අවුරුදු දෙකක්ම පුතා iPad එක පාවිච්චි කරානේ, අළුත් සොෆ්ට්වේයාර් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ලිස්ට් එකෙත් තියෙනවා ලේටස්ට්ම එක ගන්න කියලා....."

"වෙන මොනවද...?"

"ඊලඟ අවුරුද්දේ ඔක්කොම පාඩම් පොත් ටික...., ඒවා එන්නේ බ්ලූ-රේ ඩිස්ක් වල, විද්‍යාව, සමාජ අධ්‍යනය, ගණිතය වගේ ඒව ටිකත් ගන්න වෙනවා......!"

"අනික ශමාල්, පුතාට දැන් තියෙන ඩේටා ප්ලෑන් එක අළුත් පන්තියට මදි වෙයි, අප්ග්‍රේඩ් කරන්න වෙනවා. එක්සෑම් ඔක්කොම තියෙන්නෙ ඔන්ලයින්නේ....!"

"හ්ම්ම් නෙත්මි දන්නවද, මම අහලා තියෙනවා අපේ සීයලට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ ගල් ලෑල්ලද මොකක්ද කියලා එකක්ලු, ඒක ඔපෙරේට් කරලා තියෙන්නෙ බැට්රිවත් නැතුවලු....."

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...