ඇත්තටම දැන් ඔයා ලග ඉන්නෙ මම මුලින් දැකපු අහිංසක කොල්ලා නම් නෙමෙයි.
1.හැම කොල්ලම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ස්වරූපය නෙමෙයිද?
2.කෙල්ල කොල්ලව දාලා යන්නේ නැති බව දැන ගත්තම කෙල්ලගේ අගය අඩු වෙනවද?
අද ඔයා ගැන හිතද්දි මට හිතුන ප්‍රශ්න ටිකක් තමයි මේ. මට කියන්න තියෙන්නේ, කොල්ලා වරදක් කලාම රණ්ඩු නොවී ආදරෙන් තේරුම් කරලා දෙනව නම් ඒ කෙල්ල අවංකයි. ඒ වගේ කෙනෙකුගේ හිත නපුරුකම් කරලා රිද්දන්න එපා. සමහර විට ඔයාව දාලා යන්නත් ඉඩ තියෙනවා. එදාට ඔයාට නැති වෙනනේ මේ ලෝකේ ඔයාට ගොඩක්ම ආදරේ කරන කෙනා වෙන්න පුලුවන්. මතක තියා ගන්න අවංක ආදරයක් ලෝකේ හොයා ගන්න අමාරුයි කියලා
ලියා එව්වේ - මුතූ