Showing posts with label අයස්. Show all posts
Showing posts with label අයස්. Show all posts

Monday, July 25, 2011

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .....

මෙය මිල්ටන් පෙරේරා මහතාගේ ' වැඩකරලා ඉවර නොමැත දෙවියනේ '
යන ගීයේ තනුවට අනුව නිර්මාණය කර ඇත ............

තව ලියලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා බ්ලොග් ලියන්න සෙට් උනේ
කතා ලියලා කොල්ලෝ ඇවිත් බනිනවා
කෙල්ලෝ ඇවිත් හිනා වෙවී බලනවා

දන්නේ කවුද අපේ කතා මං තරම්
කන්නේ බොන්නේ බ්ලොග් එක ලියනා ගමන්
පාඩම් කර රෑ 12 ට ලොග් උනා
උදේ අටට විභාගෙකුත් සෙට් උනා

තව ලියලා ඉවර නොමැත දෙවියනේ ..........//

දින පොතේ වැඩටම මගේ හිත ඇදෙයි
පාඩම් වැඩට වඩා බ්ලොග් එකට ආදරෙයි
ඇස් රතු වී ප්‍රතිපල මගේ නිල් වෙලා
බ්ලොග් කෙරුමේ හැටි දැන් මට තේරුනා

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .............//

ලියා එව්වේ - අයස් (http://ayasdiary88.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...