Showing posts with label යසි වෙට්ටා. Show all posts
Showing posts with label යසි වෙට්ටා. Show all posts

Wednesday, January 4, 2012

wrong නම්බර්

"දිගු දෑස දුටුවාම... හැ‍ඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා...."

"හෙලෝ"

"හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?"

"අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?"

"මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...
මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??"

"මම දන්නේ කොහොමද?"

"happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?"

"මගේ උපන් දිනේ තවම මතකයි නේද ඔයාට?"

"මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩය ඉපදිච්ච දවස මම කොහොම අමතක කරන්නද?"

"මම තවම ඔයාට ආදරෙයි ජනනි... දන්නවා නේද?"

"හොඳට ඉන්න කසුන්.. මම තියනව.. හස්බන්ඩ් ආවා."

බීප්.... බීප්.... බීප්....



ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Monday, May 16, 2011

ඔබ ආදරේ කරන්නේ ඇයි..

මාතෘකාව ----->      ඔබ ආදරේ කරන්නේ ඇයි???

අන්තර්ගතය-------->

ශ්‍රී ලාංකීය බුද්ධිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්??


  1. විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට.
  2. කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න.
  3. facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න
  4. film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා
  5. classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න.
  6. ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා
  7. රති සුව විදින්න <චී>  (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???)
  8. වෙනත් (උඹලට උඹලිලට ඕන දෙයක් කොටන්ට.

**"අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක්...
විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට
චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්
දූරීම්භූත වේවා යයි පතමි..."**

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Tuesday, May 10, 2011

එනවානම් එන්න

අහිංසක ආදරේ කඩුලු බින්දු ඉතිරීලා
දෙනෙතගින් දෝරේ ගලනවා
මොනවාදෝ මටත් මතක්කරවමින්......
මගේ මුලු ලෝකෙටම වැඩියෙන්
නුබ මගේ පණටත් වඩා
වටිනවා නුබට තාමත් මතකයිද මන්දා.....
ආදරේට "මෝඩයා" කිව්වාම
"එහෙනම් ඇයි මෝඩයෙක්ට ආදරේ මෙච්චර?"
ගොලුවුනා මතකයිද දවසක්????
මිටියි, යාන්තම් මහතයි, සුදුයි.
දැක්කාම කාටත් ආදරේ හිතෙයි.....

ෆේස්බුකියෙන් නුබ මාව හමුවුනේ
රුවට පෙර ගතිගුනට ආදරේ හිතුනේ
මන් මුරන්ඩුයි දගකාරයි තමයි
එත් හැමදාම මම නුබට ආදරේ කලා
ඇයිද නුබ ඒක නොදන්නේ???
ආදරේ මට නම් භයානක හීනයක්
එක එක විදියට එක එක දවසට පේන
තවමත් අපි අපේමයි අපි දන්නවා
තවමත් මම ඔය හදවතේ ඉන්නවද?
ආයෙමත් ආදරය ඉස්සර වගේම හුවමාරු කරගන්ට
තාමත් හදවතේ ඉන්නවා නුබ
එනවනම් එන්න...


ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Wednesday, May 4, 2011

සිම්පල් ප්ලෑන්

"එයාට වෙන කෙනෙක් ඉන්නවාලු
එයා දැන් මට අයිති නැතිලු
මම ගාව තිබුනු ඔයාගෙ පින්තූර සේරම මම මකල දම්මා
ඔයා වෙනුවෙන් පොතක් පුරවල ලියා තිබුනු කවි කතන්දර නිසදැස් මම පිච්චුවා.
ඔයා මට ආදරෙන් එව්ව messeges සේරම මම delete කලා

ඒත් තවම මගෙ මතකයේ ඔයා ජීවත් වෙනවා
ඒ මේ phone එක නිසා වෙන්න ඇති..
මම ඒකත් විකුනලා දම්මා.
තවම ඔයා මගෙ පපුවේ ජීවත් වෙනවා.
මම හදවත ගලවලා එලියට ගන්න හැදුවා..
ඒත් ඔයා මාව ජීවත් කරන්න හදපු විදිය මතක් වුනා..
"අනේ plz මාව අමතක කරන්න​"
කියලා ඔයා පොර ටෝක් දැම්මට
අහසට වඩා පොලොවට වඩා ඔයාට ආදරය කරපු මට ඒක simple plan නෙමෙයි රත්තරන්"



ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com/)

Thursday, April 28, 2011

මටත් අක්කා කෙනෙක්

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ. වෙලාව උදේ නමයයි. අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්.

වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද?

හෙමීට දොර ඇරියා.

"මතකයට මගේ ඔබ ඇ."

"හුටා"

"මෙහෙ එනවා.. කෝ බලන්න.. නෑ තව ලගට එනවා"

"නෑ.. මේ.. මං.. අර..."

"අපෝ තමුසෙ ගාව ගද විතරක්. රස්තියාදුවයි ජරාවයි. චික් මල්ලි"

අක්ක අඩනවා.

"සොරි අක්කෙ ආයෙ නෑ. ප්ලීස්"

අක්කා මගේ කනෙන් ඇල්ලුවා.

"ඌයි."

"ආයෙමත් ජරාව බොනවකෝ කරන දේ බලාගන්න"

*****************************************

"නැගිටපං, අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්."

******************************************

"අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...