Showing posts with label මකුළු රාළ. Show all posts
Showing posts with label මකුළු රාළ. Show all posts

Tuesday, January 1, 2013

මකුළු රාළගේ සුනාමි ට්‍රිප් එක...

මකුළු රාළ පරාළෙ උඩ පැත්තෙ පොඩි දැලක් වියා ගත්තෙ සුනාමිය ළඟ බව දැණුන නිසයි. අවුරුද්දකට කීප වතාවක්ම මකුළු රාළලාට සුනාමි එනවා. මේ වතාවෙත් මහ සද්දෙන් සුනාමිය එද්දි මකුළු රාළ පරාළෙ උඩ ඉඳන් බලාගෙන හිටියා.

පරාලෙ යටට වෙන්න බිත්ති කොනකුත් අල්ලලා විසාලෙට වියල තිබුණ දැල ලොකු කොස්සක් ඇවිත් කඩාගෙන ගියා. ගෙදර අයිතිකාරය කාලෙකට පස්සෙ මකුළු දැල් කඩනව. මිනිහට අළුත් අවුරුද්දක් ලබනව. උන්දැ ගජරාමෙට ගෙවල් සුද්ද කරනව.

ඕක දැන් මකුළු රාළලාට ගාණක් නෑ. සුනාමි කාලෙට පරාළෙ උඩ පැත්තට ට්‍රිප් එකක් යනවා...

දවස් කීපෙකින් තිබුණ වගේම පරාළෙ පහලින් ලොකු දැලක් වියන එක පට්ට ආතල් වැඩක්...

උන්ට සුභ අළුත් අවුරුද්දක් වෙච්චාවෙ...

මකුළු රාළ හිතුවා.


ලියා එව්වේ - hare :-)

Related Posts Plugin for WordPress, Blogger...