Showing posts with label ගීත්. Show all posts
Showing posts with label ගීත්. Show all posts

Saturday, February 5, 2011

නොලිව් ගීතය..

ඇයට තියෙන්නෙ ඉතාම ලස්සන දෑසක්. මම ඒ දෑසට ආදරේ වුණේ නොදැනුවත්වම.
ඒත්…
ඇය කවදාවත් මගේ වෙන්නෙ නැහැ. ඒ නිසාම මම වෙනත් තැන් වල හිත අලවන්න සෑහෙන උත්සාහයක් ගත්තා...
ඒ හැම එකක්ම ඇයටත් කිව්වා ඇයව ඉරිසියා කරවන්න…….
ඇයත් මට ආදරෙයිද දැන ගන්න.....
මම තවම ඒක දන්නෑ.
සුපුරුදු පරිදි අද උදෙත් අපි මුණ ගැහුනා. මම ඇයට පේන්න වෙනත් ගෑනු ළමෙක් දිහා උනන්දුවෙන් බලලා 'ලස්සනයි' කිව්ව. ඈ හිනා වුණා.
'මට අද කෑම නැහැ…..අම්මට සනීප නැහැනෙ' 
බසයේදි මම කිව්වා.
ඇය තිගැස්සුනා.
කතා නැතිව ඇගේ කෑම පාර්සලය බෑගයෙන් අරන් මට දුන්නා. අපේ ඇස් හමුවුණා.
ආදරය කියන්නේ ‘අයි ලව් යූ’ කියනවට නෙවෙයි කියල මට තේරුණා.

ලියා එව්වේ - ගීත්

Related Posts Plugin for WordPress, Blogger...