Showing posts with label ආදර කතා. Show all posts
Showing posts with label ආදර කතා. Show all posts

Friday, February 14, 2014

ආදරේට සමීකරණයක්

ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා.

ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.

දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.

ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ...

දැන් මම දන්නව ආදරේ තර්කයට අහු නොවෙන දේවල් ගොඩක් අතර තව එකක් කියල.

ඒක හැමෝටම වලංගු විදියට විග්‍රහ කරන්න බෑ...

දැන් මම දන්නව ආදරේ ශක්තිමත් වෙන්න ගැලපීම් වගේම නොගැලපීම් එක්ක අපි තනි තනිව අරන් නොසලකන ගොඩක් දේවල් අවශ්‍යයි කියල.

ඉතින් මේ මෝඩයට ආදරේ කරන්න.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Wednesday, January 4, 2012

wrong නම්බර්

"දිගු දෑස දුටුවාම... හැ‍ඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා...."

"හෙලෝ"

"හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?"

"අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?"

"මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...
මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??"

"මම දන්නේ කොහොමද?"

"happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?"

"මගේ උපන් දිනේ තවම මතකයි නේද ඔයාට?"

"මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩය ඉපදිච්ච දවස මම කොහොම අමතක කරන්නද?"

"මම තවම ඔයාට ආදරෙයි ජනනි... දන්නවා නේද?"

"හොඳට ඉන්න කසුන්.. මම තියනව.. හස්බන්ඩ් ආවා."

බීප්.... බීප්.... බීප්....



ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Monday, July 4, 2011

අසාමාන්‍ය ආදර කතා

බලපන් අද කාලේ තියන නව කතා, කෙටි කතා, නාට්ටි ඒ මදිවට බ්ලොග් හැම ඒවයේම තියන ආදර කතා හරිම සාමාන්‍යයයි. හැම එකේම කොල්ලයි කෙල්ලයි දුෂඨයයි. කොල්ලා දුප්පත් නම් කෙල්ලෙ පෝසත් කෙල්ල පෝසත් නම් කොල්ලා දුප්පත්. ඒ මොකවත්ම නැත්තම් අඩුම ගානේ පවුල් දෙක මැච් වෙන්නේ නෑ. හැබැයි කොහොම වුනත් අන්තිමට එකතු වෙන්නේ ඒ කොල්ලයි කෙල්ලයිම තමයි.

ඉතිං බං එහෙනම් ඒ කතා සාමාන්‍ය ආදර කතා නෙමෙයි. ඒවා හරිම අසාමාන්‍ය ආදර කතා. පොඩ්ඩක් හිතලා බලපන් අපි දන්න ඇත්ත ආදර කතා වල කවදද පොහොසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ට කැමති වුනේ? පොහොසත් කොල්ලෝ කවදද දුප්පත් කෙල්ලන්ට සෙට් වුනේ? ඉතිං අද කාලේ තියෙන්නේ හරිම අසාමාන්‍ය ආදර කතා බං!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...