Showing posts with label පෑන් කේක්. Show all posts
Showing posts with label පෑන් කේක්. Show all posts
Monday, September 10, 2012
පෑන් කේක්
බණ්ඩාරණායක ගුවන්තොටුපලේ සිට ගුවනට නැගුනු ඉතියෝපියන් එයාර්ලයින් ගුවන් සේවය බෙනින් බලා පියෑඹුවේය. ගුවනේ පැය පහකට වඩා පියාසර කිරීමත් ගුවන් සේවයේ අඩු මඟී සේවයත් ඔහුට පැය දහතුනක ගමන එපා කර තිබුණි. ඒ අතර දැඩි කුසගින්නෙන්ද පෙළුණු ඔහු එයද ඉවසා ගෙන සිටියේය.
ඉන් ටික වේලාවකට පසු නොදැනුවත්වම ඔහුට නින්ද ගොස් තිබුණි. පැය කීපයකට පසු ගුවන් සේවිකාවක විසින් ඔහු ඇහැරවීය.
එක් ගුවන් සේවිකාවක් කුඩා පිඟන් වල පෑන් කේක් බෙදමින් එමින් සිටියාය. මොහුටද පිඟානක් ලැබුණි. මොහුද හරි බරි ගැහෙමින් පෑන් කේකය කටේ ඔබා ගන්නට සිතා අතින් එය ගන්නට සැරසුණි. එහා අසුනේ සිටි තැනැත්තා පෑන් කේකය දිග හැර එක් වරක් ගසා තම මූණ පිසදා ගත්තේය.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)
Subscribe to:
Posts (Atom)