මචං
හ්ම්...
යමං දැන්
ම්හු..
යමං දැන් ඇති
ම්හු...
කොහොමට හිටපු එකෙක්ද උඹ.. අඩු ගානේ උඹ ඒකිගෙන් ඇහුවද..?
ම්හු..
කෙල්ල උඹට කැමැත්තෙන් හිටියද..?
හ්ම්..
ඒකි කිව්වද..?
නෑ බං, මට තේරුනා
ඇයි යකෝ උඹ ඇහුවේ නැත්තේ..?
උඹ දන්නවනේ..
අරූ නිසාද..?
හ්ම්..
ඌ කැමැත්ත ඇහුවට, ඒකි ඌට සින්න වෙනවද. ඇරත් ඒකි මුකුත් කියල නෑ..
ඒත් ඌ මගේ කව්ද කියලා උඹ දන්නවනේ.
හොඳම යාලුවා කියලා මැරෙන්නද..?
ඒකි ආයේ මාත් එක්ක කතා කරන එකක් නෑ බං.. මම එයාට බැන්න..
හේතුව..?
හේතුවක් නෑ...
ඒක තමයි අරූ කට කනේ තියං අවේ.. ඒකි ඌට හා කියලා
හ්ම්...
යමං යන්න
තව එක වීදුරුවයි..
දැන් ඇති යමං
උඹ පලයං...
ලියා එව්වේ - බූටා
Showing posts with label ඌ. Show all posts
Showing posts with label ඌ. Show all posts
Monday, February 14, 2011
Friday, October 29, 2010
මම ඌ සහ ඇය...
මටද ඌටද ඇය සඳලුතලයේ කුමාරිකාවක් විය.
ඌට අවශ්‍ය වූයේ ඇයව දිව්‍යලෝකයට රැගෙන යාමටය.
මට ඇයව පොලවේ තැබීමට උවමනා විය.
සයිවර් කෑම පුරුදු නැති ඇයට සයිවර් කඩයකින් කෑම අරන් දීමට මට උවමනා විය.
නමුත් ඌ ඇයට ගලදාරියෙන් lunch දුන්නේය.
පයින් යන්න නුපුරුදු ඇයට ඌ කාරයක් රැගෙන දෙද්දී මම ඇයත් සමග කිලෝමීටර ගණනාවක් ඇවිද ඇවිද සිටියෙමි.
ඌ ඇයට බණ කියන විට මම ඇයට ආගමක ඇති අවදානම ගැන දේසනා පැවැත්වීමි.
ඌ ඇයව MC රැගෙන යනවිට මම ඇයව ජෝන් ද සිල්වා රඟහලට රැගෙන ගියෙමි.
මමද ඌද ඇයට ආදරය කලෙමු..
අද උන් විවාහ ගිවිස ගනී..
මම කොලයක් ගෙන කුරුටුගාන්නට පටන් ගතිමි..
මම ඌ සහ ඇය....
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Subscribe to:
Posts (Atom)