Showing posts with label රැවටීම. Show all posts
Showing posts with label රැවටීම. Show all posts

Friday, April 6, 2012

ඉන්දියන් කාරයෝ

යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.

“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”

"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."

“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”

“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් ‍කල්පනා නොකර ඉන්න තිබුණා.”

"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"

යාළුව දිගටම ඉන්දියාවට බණිනව.

ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.

මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.

“හික්ස්”


ලියා එව්වේ - hare :-)

Monday, January 2, 2012

මේ පාරත්... සුභ අලුත් අවුරුද්දක් වේවා...!

අලුත් අවුරුද්දෙ වැඩ කරන මුල්ම දවස හැමදාම විශේෂයි. හැමෝම පුළුවන් විධියට හදාගෙන එන කිරිබත්, කැවුම්, කෙසෙල්, රසකැවිලි මේසයක් පුරවල තියෙනව. ඒ මේසය වටේ ඉඳන් පුංචි කතාවක් කරල රසවත් වෙලා හැමෝම වැඩ පටන්ගන්නවා.
ඒ කියන්නෙ රාජකාරි වැඩවලට අමතරව කොකු ඇදිලි, වල සහ බෙලි කැපිලිත් ඒ වැඩවලට අයිතියි. ඒ දේවල්වලදි මුල්තැන ගන්න අයත් මේසෙ වටේම ඉඳගෙන අනිත් අය වගේම සමරනවා.
හැම එකකින්ම ෂේප් වෙන්න පුළුවන් දවසක් අද.
කියන්නෙ නම් අලුත් වෙනවය කියල.
ඒ වුණාට කෑම මේසෙන් නැගිට්ට හැටියෙ කට්ටිය ආයෙමත් පරණ හිටිය විධියමයි.
..............
.........
මම කල්පනාවෙන් මිදුණෙ එකපාරම. වෙනදට මූණවත් නොබලන කෙනෙක් මගෙ ඉස්සරහ වැඳගෙන.
මමත් එයාට ආචාර කලා.
“සුභ අලුත් අවුරුද්දක් වේවා...!”
 
 
ලියා එව්වේ - hare :-)

Related Posts Plugin for WordPress, Blogger...