“උඹට මොනවද ඕනි කියපං”
“අනුහස් අයියාව”
“හික්ස්.......... පිස්සි ඒකව හම්බ වෙන්නෑනේ වෙන දෙයක් කතා කරපංකෝ, එයා නැතුව වෙන මොනවද ඕනි?”
“එයා නැතිව මට වෙන මුකුත් එපා , මම ඉල්ලන්නේ ඉරයි හදයි තරුයි නෙවෙයි”
“ඉතින් ඔය මොනව උනත් එකයි නේ”
“ඒ ඉර හරි හඳ හරි තරුවක් හරි උනානම් මට අහිමියි කියලා ඉවසන් ඉන්නවා”
“ලැබෙන්නැත්තං මොනව කරන්නද උඹට කියලා හදන්න බෑ කෙල්ලෙ උඹට හැදෙන්න උවමනාවකුත් නෑ අනේ මන්දා මට තේරෙන්නෑ කෙල්ලෙ”
“මටත් තෙරෙන්නෑ මේක බොළඳ කමක් කියලා හිතන්න එපා බන් මම ජීවිතේ දකින්නේ මේ විදියට මගේ පපුව රිදෙනවා මම යනවා”
“උඹ දුක් විද විද හිටපං උඹට හැදෙන්න ඕනි නෑ උඹව හදන්නත් බෑ”
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Showing posts with label දුක. Show all posts
Showing posts with label දුක. Show all posts
Monday, May 28, 2012
Friday, March 2, 2012
ඇඬෙනවනෙ තනි ඇහැට
අඬනකොට ඇයි කදුළු එන්නෙ
දන්නෙ නෑ අනේ
දුක වැඩි හින්දා වෙන්නැති
එතකොට දුකටද අඩන්නෙ
වෙන්න ඇති
සතුටටත් කඳුළු එනවනේ
අයියෝ ඒ සතුට වැඩිකමටනෙ
අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ
ඔයාට මොකටද ඒ පණ්ඩිතකම්
නෑ ඔයා අඬනකොට මූණ රතු උනා
මාව අඬවලා ඔයාට සතුටුයිනේ
නෑ බබා ඔයා හිනාවෙනකොටත් මූණ රතූ වෙනෝ
හැබැයි මන් ආස ඒ රතු මූණට
අනේ නිකන් ඉන්න
එක නෙවේ
මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්නෙ?
ආහ්.... ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න අද බයික් එකට පන්සීයකම තෙල් ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
තියෙන එකම ඩෙනිම පට්ට ගහන්නෙ
ඉතින් මට
ඇඬෙනවනෙ තනි ඇහට
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Monday, October 10, 2011
ආයෙත් අපි ආදරෙන්
මං හිතන් හිටිය වැරදී
"ඒක එහෙම නෙවෙයි"
ඔව් ඇත්තටම
එහෙම නෙවෙයි.
ඒත් සමහරවිට
ඒක දැං
මෙහෙම වුන නිසා..
සිද්ධ වෙන්නත් පුළුවන්
කොහොම වුනත්
දැං මම දන්නව
මට දැනෙනව
ඔයත් මට ආදරෙයි කියල..
සමහරවිට මටත් වඩා..
ඇත්තටම ඒ ආදරේ
මටත් වඩා වෙන්න ඇති.
මම ඔයාටම මං ගැන තීරණයක් ගන්න කිව්වම
ඔයාට අඬන්න තරම් දුක හිතුනයි කියන්නෙ
එහෙමම වෙන්න ඕනි..
මම වැරදියටයි හිතල තියෙන්නෙ..
සමහරවිට මමම නෙවෙයි
"අපි" වෙන්නැති
අපි අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න ඇති
ඒක නිසානෙ
මෙහෙම දේවල් සිද්ධ වුනේ
ආයෙත් මෙහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි
මටත් ගොඩාක් දුකයි
මොනා වුනත් අපිට අපි ඉන්නව
මට සතුටුයි
ආයෙමත් හම්බවුනානෙ..
මම ඔයාගෙමයි..
හැමදාමත්...
ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, June 8, 2011
ආයෙ නම් එන්න එපා කවදාවත්....
ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි කියල කියා දුන්නෙ ඔයයි මට..
එත් ඔයා දන්නෙ නැහැ ඒ දෙයට මම මගේ ජීවිතේ තුල ගොඩාක් ලොකු වටිනකමක් දීල තියන බව...
අදටත් ඔයා ඒක දන්නෙ නැහැ වගේම කවදාවත් ඔයාට ඒක තේරෙණ එකකුත් නැහැ…
මගේ ජීවිතේ සතුට ඔයා කියල කිව්වම ඔයා පුදුම වුනා මතකයි... පුදුම වෙන්න දෙයක් නෑ මොකද මගේ හිත මං වෙනකාටවත් දීල තිබුනෙ නැහැනෙ ඔයා වගේ...
ඔයා ඔයාගෙ අතීතයේ ජීවත් වෙනගමන් මගේ ජීවිතේට ළං උනේ ඇයි...? මගේ ආදරේ විහිලුවට ගත්තෙ ඇයි?
කමක් නෑ මම හැමදාම කලා වගේ ඔයා වෙනුවෙන් ඒ හැම දුකක්ම අද විඳ දරා ගන්නම්...
මොකද ඔයා කියන විදියට මට ඇත්තටම පිස්සුනෙ නේද..?
ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Thursday, May 19, 2011
ඔහු සහ අප
ඔහු කියා දුන්නේ ගොඩ අඩු කරගැනීමටය.
අපි හැමදාම ගොඩ වැඩි කරගන්නේ කෙසේදැයි මාන බලන්නෙමු.
ඔහු සතුරන්ටද මෛත්‍රී කරන්නට ආදර්ශමත් විය.
අපි සතුරන් නසා ප්‍රීතියෙන් සමරන්නෙමු.
ඔහු නැවත ඉපදීම නැමැති මුදුන් පරාලය සින්දේය.
අපි පෙර ආත්මත් ඉදිරි ආත්මත් පටලවාගෙන මේ ආත්මයේ දුක් විඳින්නෙමු.
ඔහු පංච සීලය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරල ජීවිතයකට මගක් ලෙස විග්‍රහ කළේය.
අපි ඒවා කටපාඩම් කර උදේ සවස මෙනෙහි කරමින් ඉන් පරිබාහිර දේම කරමින් සිටින්නෙමු.
ඔහු අන් මතයන් ඉවසීය.
අපි ඔහුගේ නාමයෙන් අන්මත දරන්නන් සුන්නද්ධූලි කරන්නෙමු.
ඔහු සියල්ල නැසෙනසුළු බව ප්‍රත්‍යක්ෂ කළේය.
අපි එය කිසිදා නොපිළිගෙන රැකීම උදෙසාම රකිනා දෙය විනාශයට රැගෙන යන්නෙමු.
ලැයිස්තුවනම් තව බොහෝ දිගය.
ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Saturday, May 14, 2011
එදා සහ අද
ඇගේ ලය ප්‍රදේශයෙන් උණුසුම් රුධිර දහරා ගලා යමින් පැවතින. ලේ වැකුණු පිහිය පසෙකය. පිහි ඇනුම නිසාවෙන් අප්‍රාණික වෙමින් තිබූ සිරුර, බමන මතින් සිටි ඔහුගේ සිරුරට බරවිය. ඇයව වත්තම් කරගෙන බිත්තියට හේත්තුවූ ඔහු එතැනම වාඩිවී, රුධිරයෙන් නැහැවුනු අතින් නිකට ඔසවා,
“ඉස්සර උඹ කිව්වානේ මගේ තුරුල්ලේම මැරිලා යන එක තරම් සැපක් උඹට නැහැ කියලා, ඕන් දැන් උඹේ පැතුම ඉෂ්ට වෙන්නයි යන්නේ”යි වදන් පටලමින්, ගොත ගසමින් පැවසුවේය.
“ඔව්............. මං එහෙම කිව්වා......................, ඒත් මං එහෙම කිව්වේ.................... මං එදා ආදරේ කරපු,................. මට පණ වගේ ආදරේ කියලා කියපු.................. ඒ දෙයියන්ගේ අතේ මිස................... අද මේ ඉන්න......................... කාලකණ්නි නරුමයාගේ අතේ නෙමෙයි යකෝ............................” එසැනින් ඇගේ අවසන් සුසුම වාතලයේ අතුරුදන්විය.
ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Wednesday, May 11, 2011
මම කිනිස්ස අතට ගතිමි..
ඔයා මට ඇත්තටම ආදරේද?ඇය ඇඳෙන් ඉස්සීමට දුබල උත්සාහයක යෙදෙමින් සිටියාය.
මම ඇයගේ ඉණවටේ අතදමා ඇයව ඔසවා තබා ඇය අසලින් හිඳගතිමි.
මම ජීවිත කාලේම ජීවත්වුනේ මේ මොහොත වෙනුවෙන්.ඇය සුන්දර සිනාවක් සමග අමාරුවෙන් රාත්‍රියේ අප දෙදෙනා ආවරණය කල ඇඳරෙද්ද ඉවත්කලාය.
පැල්ලම අඳුරු පැහැයට හැරී තිබුනි. අද හවසම අළුත් රෙද්දක් රැගෙන ආ යුතුය.
දැන් ඔයාගේ වාරය.ඇය කොලපැහැති මිටක් තිබුන කිනිස්ස මදෙසට දික්කලාය.
පිස්සු හැදීගෙන එනවාද?මම ඇයට ආදරේ කලෙමි.
මම කිව්වානේ බෑ කියලා.
ඔයාට ඕනි මාව විඳවලා මැරෙනවා දකින්නද?ඇයගේ දෑස් ප්‍රීතියෙන් දිලිසේ. මට ඒ දීප්තිය දරාගත නොහැක.
මේකෙ අවසානයක් තියෙන්න ඕනි. ඒක වෙන්න ඕනි මෙහෙම.....
මම කිනිස්ස අතට ගතිමි..
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)
Friday, March 11, 2011
මායි - හිතයි
"දුක දැනුන හිත සනසන්නට කවුරුත් නැත්නම්
පුන්චි කදුලු බිදුවක දුක දිය කරලා අරින එකේ වරද නෑනෙ"
ඒත් එහෙම කරන්නේ කෝමද?
එහෙම කරන්න බැරිනම් කරන්න තියෙන්නේ ඉතින්,
අතපය රිදෙනකන් මොනාහරි කරගන්න තමයි
දැන් එහෙම කලොත් හරියයිද?
ඒක ඉතින් මම දන්නේ නෑ...
එහෙම කරන්නත් බැරිනම් ඇස් දෙක වහගෙන,
සද්දේ වැඩී කරලා සින්දුවක් අහන්න..
ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ..
ඒකට උඹ මොනා කරන්නද?
හිත රිද්දුවෙත් අනිත් මිනිස්සුමනම්
උඹ මොකටද උන් ගැන හිතන්නේ
ඒකත් ඇත්ත තමයි නේ..?
එහෙනම් ඉතින් මම කියපු විදිහට කරපන්
උඹ කැමති දෙයක්
මට බෑ බං ඒ හිත රිද්දන්න
එහෙනම් ඕන මගුලක් කර ගනු
මම යනවා
-මායි හිතයි අතර උන සාකච්චාවක්-
ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)
Saturday, March 5, 2011
දුක
මිතුර, මා දුක් විඳි බව සැබවි. එදාටත් වඩා මම අද දුක් විඳිමි. දුක යනු කුමක්දැයි මා ඉගෙන ගන්නේ දැන්ය. හිත හිර කරගන්නා මේ කටුක පීඩනය දුකක් බව සැබවි.
වෙන කරන්නට දෙයක් නැති තැන මා දුක් විඳිමි. කවදා කොතැනක මෙය කෙළවර වේදැයි නොදනිමි. ජීවිතය පිළිබඳ සුභ සිහින ප්‍රාර්ථනා තැබූ කාලය අවසන්ය.
හැර යන බවට සමස්ථ විශ්වයම ශපථ වෙද්දීත් නුඹ කෙරේ තැබූ විශ්වාසයම මා ජීවත් කරන්නට ඇත. එහෙත් සිදු නොවිය යුතු දේම සිදු විය.
බලාපොරොත්තුවේ වසන්තය අවසන්ය. පැමිණ ඇත්තේ බිඳුණු පැතුමේ ශීත ඍතුවය. සීතලෙන් ලේ බිඳුඳ මිදෙන කල ගෙවුණු වසන්තය තුරුළු කරගෙන මම ඉකි බිඳිමි.
මිතුර, ඉදින් මා ගල් ගැසෙන සැටි බලව.
ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Wednesday, January 26, 2011
හතරවෙනි පදය, දුක සහ වසන්තය.
ඉඩෝරෙට පොද වැස්ස
රැගෙන එන තෙත සුලඟ
වගෙයි නුඹ මගෙ හිතට
තුන් පේළි කවිය ලියන් මං උන්නෙ කවද හරි උඹ ඕක සම්පූර්ණ කරයි කියල මුළු හිතිංම මම විශ්වාස හරපු හන්ද.
ඒත් අවුරුදු හතරක්ම යනකං මල් පාරවල් දිගේ ඇවිද්ද උඹට ඔය හතරවෙනි පේළිය පුරවන්න බැරි උණා. කරුමෙ කාගෙද කියන්න මං නොදත්තට මං උන්නෙ දුකෙං.
මල් මැළවිලා ගිහිල්ල කාලෙකට පස්සෙත් ඉස්සර පුරුද්දට වගේ දිගම දිග හෙවනැල්ලත් එක්ක ඇවිදිත්දිත් මං උන්නෙ දුකෙං.
මල් පාරට ආයෙමත් වසන්තය ඇවිල්ල වග මං දැක්කෙ ගොඩක්ම පරක්කු වෙලා හන්ද ඉක්මනටම වසන්තය අල්ලන්න දුවපු මට, ආපහු උඹ මුණගැහුනෙ අර හතරවෙනි පදයත් එක්කමයි ඒත් මං නොනැවතී දිව්ව වසන්තය අල්ලන්න දුකෙන්.
ලියා එව්වේ - නවම් (http://nawammawatha.wordpress.com/)

Saturday, January 8, 2011
සඳේ පිළිබිඹු.
චුරු චුරු....මඩ වලේ හරි මැද දිදුලන හඳේ ඡායාවට එල්ලකර මුත්‍රා පහර මුදාහරින ගුණේගේ සිතුවිලි කළඹවන්නේ මොහොතකට පෙර සුරාසලේදී වූ දොඩමලුවීම් වල දෝංකාරයන්ය..
“මංම උඹට කී ගමනක් කියල ඇද්ද ඒ වේස ගෑණිව කරගහගන්න එපා කියල”සඳ කැළතී දිය මත බොඳවෙද්දී මතකය නොනැවතී අතීත කටහඩවල් වලට පණ පොවයි.
“දඩාවතේ ගිය එකී ගියාදෙන්.. ආපහු ඕකිව වැද්දගන්නවා එහෙම නෙමෙයි”
“ඔය දරුවත් උඹේය කියල උඹ නිච්චියටම දන්නෙ නෑ නෙවද?”සැහැල්ලුවක් හඟින ගුණේ සරම් කොන පහත දමා සිය සිතුවිලි එක්රැස් කරගන්න තැත් දරයි.
“දරුපැටිය මගේ. ඌව මං කොහොමහරි බලාගන්නව”ඉන්පසු ස්ථිර හඩින් තමාටම කියාගනී.
එවිටම, මුත්‍රාද මඩද කැළඹුණු දියෙහි සඳ නැවත මතුවෙන්න තැත්දරනු ඔහු දකී.
Wednesday, December 22, 2010
ආවර්ජනා
මුහුදෙන් හමාපු ගිණියම් සුළඟ ඇගේ රැළි සම වේලා දැමුවා.... ලඟින් ඇසුණු රළු හඬ කාගේදැයි බලන්න ඇස් හීන් කරපු මැහැල්ල දැක්කේ හුරු යුවලක්.
සති කිහිපයකට කලින් මේ දැරිවිම ආ අයුරු ඇයට මතක් උනා....
"ආච්චිට බොන්න මොකුත් ගේන්නද?"
මැහැල්ල එපා කියූ විට රුපියල් විස්සක් මෙලවූ ඈ ගියේ මොහුගේම දෑතේ වෙලීයි.
"තමුසේ මහ ජරා ගෑනියෙක්. දන්නවා නම් ආශ්‍රය කරන්නෙත් නැහැ."
"මම මොකද කලේ? ඔයාගේ අනිත් කෙල්ලට කෝල් කරලා බැන්න එකද?"
"තමුසේ මහ ............ ගෑනියෙක්! මොන අමාරුවක්ද? පාරමී මගේ යාලුවෙක්"
කඳුලක් පිසිමින් තරුණිය ඉවතට දිව්වා.
"ඔයා වෙනුවෙන් කරපුවට ඔහොමමයි අහගන්න වටින්නේ"
මැහැල්ලගේ අවධානය බිඳුනේ අලුත් හඬකින්.
"ආච්චි දවල්ට කාලද?"
"ඔව්..."
ඈ වේලුන දෑස වැසුවා.

Thursday, October 28, 2010
ආදරණීය මෙරුවා!!!!!!!!!
අනේ පව්!!!
ඇති යාන්තම් දැන්වත් තේරුණා
මොකද්ද?
ඒක...
ඒක කිව්වේ............?
ඒක කිව්වේ, මං පව් කියන එක
ඔයාට වැරදිලා........
මට වැරදිලා?........ ඇයි?
ඔයාට නෙමෙයි පව් කිව්වෙ.
එහෙනම්?
අර මෙරුවාට.....
මොනවා........ මෙරුවෙක්ට?
බලන්නකෝ ඒ සතා විඳින දුක තටු දෙකම
වතුර බිංදුවේ ඇලිලා.
අනේ ඌව බේරන්නකෝ..........
මට බැහැ!!!!!
බැහැ?
ඔව් බැහැ තමයි
එහෙනම් අයින් වෙන්න මං බේරන්නම්.
නැත්තම් ඉක්මනටම ඌ මැරේවි.
මැරිද්දෙන්!!!
නපුරා!!!
අනේ ඇත්තට ඔයාට නම් පිස්සු.
ඔයා බේරුවත් නැතත් තව මිනිත්තු පහක් හයක් ඇතුලත
ඔය සතා අනිවාර්යයෙන් මැරෙනවා.
මට දුක මෙච්චර වෙලා මං කියාපු ඒවා නෙමෙයි
අහගෙන ඉඳලා තියෙන්නේ, මැරෙන්න දඟලන
මෙරුවෙක් ගැන හිත හිතා ඉඳලා.
අනේ පව්!
මෙරුවාද?
නැහැ... ඔයා!
ලියා එව්වේ - RanDil (http://ranrandil.blogspot.com/)
Subscribe to:
Posts (Atom)