Showing posts with label සත්තු. Show all posts
Showing posts with label සත්තු. Show all posts

Monday, October 22, 2012

Adopt a dog

මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර.

ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක් තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.

අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් මිනිස්සු මුන්ව පාරට ගෙනත් දැම්මද මන්දා අපි මූව හදාගමු නේද??...

දැන් කවුද මේකව නාවන්නේ, කවන්නේ, පොවන්න, උගේ ජරාව අදින්නේ?

මන් කරන්නම්....

දැන් කොහෙද මූව ගිහින් දාන්නේ කූඩුවක්වත් නැතුව...

ඇයි ඔයාලගේ අම්ම හිටපු එළියේ කාමරේ තියෙන්නේ දැන් ඒක හිස් නේ.

ලියා එව්වේ - නිෂාන්

Monday, October 8, 2012

සත්ව කරුණාව

ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...
මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...
ඌ කකුලක් කොරගහනවා....

රත්නේ අයියේ ආරංචිද වැඩක්....

ඊයේ රෑ සුමපාලයව ඉස්පිරිතාලේ ගෙනිහින්. අර අලුතෙන් ආපු උන්ගේ ගෙවල් ගාව වැටිලා ඉඳලා. ඒ ගෙදර උන් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ බීලා වැටිලා කියලා, ඒත් මන් හිතන්නේ අරුන් ගහලා.

උන්ගේ &^*(^*&....

කොල්ලෝ ගෙනෙන් අර ඇඳ යට තියෙන කිතුල් පොල්ල මන් ගිහින් ඕකුන්ට පාඩමක් උගන්නලා එන්න. සුමනේට අත තියන්න උන් කවුද???

පිටින් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ කාලකන්නි හැත්ත.

මන් ඉක්මනට ගිහින් අරූගේ අණ්ඩක් කඩලා එන්නම්....

ළමයෝ අර මේසේ උඩ සල්ලි ඇති, කඩෙන් බිත්තරයක් ගෙනත් හදලා දීපන් ඔය අසරණ සතාට.

ලියා එව්වේ - නිෂාන්

Wednesday, December 15, 2010

නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........

ගොදුරක් හොයා
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගෙබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,

එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව

සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ

මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්...........

ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...