Showing posts with label ලිවීම. Show all posts
Showing posts with label ලිවීම. Show all posts

Friday, May 27, 2011

උඹ ඕනවට වඩා වැඩියි

මොන බංබුවක්ද.....

දැන් කතා හය හතක්ම ලියුවා.. ඒ ඔක්කොම වචන එකසිය පනහකටත් වැඩියි.

ආසාවෙන් ලියලා ගණන් කලාම නේද ඉතින් එකසිය ගානට තදවෙන්නේ..

බැරිම තැන විශේෂණ පද අයින් කලා, අර පද මේ පද හැමදේම අයින් කලා. ඕලෙවල් වල සාරාංශකරණය කලා වගේ කපලා දැම්මා වචන. ඒත් වචන දහය පහලොවකට වඩා අඩු කරගන්න බැරි උනා.. බැරිම තැන දමලා ගහලා නිකන් හිටියා...

''උඹ ඕනවට වඩා වැඩියි''

''කඩනවා තොගේ අත ආයි මුකුත්ම ලියන්න බැරි වෙන්න''

ඉස්කෝලේදි ප්‍රින්සිපල්ට පෙත්සං ගහලා අහුවෙලා කිව්වේ එහෙමයි.

මට හිතෙනවා දැන් ඒක ඇත්ත කියලා. මං ඕනවට වඩා වැඩියි, මගේ වැඩත් ඕනාවට වඩා වැඩියි. ලියන්න ගිහාම කෝච්චිය වගේ..

පොඩි දෙයක් ලියන්නම බැහැනේ..


ලියා එව්වේ - දසුන් මධුසංක

Tuesday, April 26, 2011

උත්ප්‍රේරකේ

මොනවහරි ලියවෙන්න නං, ඒකට උත්ප්‍රේරකයක් තියෙන්න ඕනෙ.

මුලින් මගේ ක්‍රෂ් එක (ට්‍රයි එක). ඒක (එක්තරා ආකාරයක) ලව් එකක් නොවුනට...

මාරයි ඕයි!!

ඊට පස්සෙ මේ ඉලව් ලව් එක. ලව් එකට වඩා ක්‍රෂ් එක මරු. ක්‍රෂ් එකකට ට්‍රයි කරන කාලෙ මාර ෆන්.

ආදර් හම්බුනාට පස්සෙ අනාගතේ ගැන ප්ලෑන්. සිහින ලෝක. නිර්වින්දන...

අවුරුද්දක් ආදරය කරල ඒක නැතිවුනාට පස්සෙ, අවුරුද්දක හිස් අවකාශයක් ඇතිවෙලා කාලයයි, අවකාශයයි අතරෙ හිර වෙනව. මුකුත් ගැන හිතාගන්න බැරිව අසරණ වෙනව. මචං, මම උත්ප්‍රේරකයක් හොයනව. කෙල්ලෙක්. ආපහු ආදරේ කරන්න.

“උඹ නං කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි බං. උඹ ආයෙ හදන්නෙ අමාරුවෙ වැටිල පිස්සෙක් වෙන්න.”

ඌ එහෙම කියල මුහුද පැත්තට ගලක් පා කරා.

ලියා එව්වේ - සුපුන් සුදාරක (http://blog.sudaraka.com)

Friday, November 12, 2010

පූර්ව ජන්මයේ අපූර්වය සොයා ගැනීම

ගොඩාක් කාලෙකට ඉස්සර.
මම ඒ රටේ නායකයා.
මට විරුද්දව ලියන්නෝ ඔක්කෝම මැරෙව්වා.
මගේ නගරේ ලියන්නෝ බිහිවෙන්න දුන්නේම නෑ.

හොයල හොයල අන්තිමට උත්තරේ හම්බුනා.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වයේයි කර්ම අත්පොතේයි තමයි තිබුනේ.

මුලින්ම නමය වසරෙදි.
නවකතාවක්.
පෙම් කතාවක්.
අහුවුනේ නංගීට.
නෝන්ඩි කෝටියයි.
ලිවීම නැවැත්තුවා.

දෙවෙනියට එකොළහ වසරින් පස්සේ.
නිසඳැස්, කෙටි කතා.
අහුවුනේ යාලුවන්ට.
චා මැක්ස් කලා.
කින්ඩි පිට කින්ඩි.
ලිවීම නැවැත්තුවා.

ඊලඟට ඔෆිස් එකේදි.
ඒත් පොඩි කතා.
ඒකත් යාලුවන්ට.
ආයේ පාරක් නැවැත්තුවා.

අන්තිමට බ්ලොග් එක.
අන්වර්ත නමකින්.
ෆිට්ම උන්ට කිව්වා.
පස්සේ මම්ම කිව්වා.
බොක්කෙන්ම ලිව්වා.
හිතේ හිරවෙලා තිබුනු ඒවා එලියට ගියාම පුදුම සනීපයක්.
මේ පාර නෝන්ඩි සමඟ වලි.
මම ලිවීම නැවැත්තුවා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...