Showing posts with label දළ. Show all posts
Showing posts with label දළ. Show all posts

Monday, March 19, 2012

තවත් එක් ඝාතනයක්......

"අන්න තනියා
එලෝපිය ඔකා
කොටපියව් ඔකට
මරපියව් ඔකව"

"ඔව් යකෝ
මන් තනියා තමයි
හැබැයි තොපි දන්නෑ
මන් තනි උනේ
කොහොමද කියලා
බඩේ ඉද්දීම අප්පව මරලා
දළ දෙකට තොපි කෙලියා
අම්මව වනජීවී උන්
කුදලන් ගියා
මන් දන්නවා බොලවු
මේ මගේ අවසානෙ බව"

"මට පේනවා
ඈත ගිනි බටේ උස්ස ගත් උඹය
මෙතන හොඬේ උස්ස ගත් මමය
ඈත අමු තිත්ත කියන් එන උඹය
මෙතන දූලින් වැසී ගිය මමය
මට ලඟින් එල්ලය මානා ගත් උඹය
බොට ලඟින් කාල වර්ණ මමය"

"මට දැනෙනවා
කුඹ ලඟින් වෙඩි උන්ඩයය
ඊට පිට දුන් මාගේ කුඹය
මොල පසා කරන් යන උණ්ඩයය
වේදනා බරිත මාගේ ගතය
ජයග්‍රාහී උඹය
මියැදෙන මමය"


ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Tuesday, November 23, 2010

"අනේ ඇයි අම්මේ"

අනේ ඇයි අම්මේ
මනුසත්තු අලි ඇත්තුන්ට
මෙතරම් වෛර
කරන්නේ

අපේ කැළෑ එලිකරල
ඒ ඇත්තො
හේනක් පැලක්
අටවගෙන
වගා කරනව
තමයි........

ඒකකට පැනල
අලයක් බතලයක්
උගුල්ලන් කෑවෙ
ඒ අයගෙන්
පලිගන්නවත්
වගා පාලු කරන්නවත්
නෙමෙයි..........

ඉන්න බැරි
බඩගින්නටයි.........

මේ නියන් සායෙ
අපටයි කියා
ඒ හැටි කෑමක්
කොයිබින්
කියලද?........

අපේ අප්පච්චිල
ලොකු මාමල
වගේ
ඒ ඇත්තන්ට
දරුණු වෙන්න
මට හිතක්
නෑ අම්මෙ.........

ඒ අත්තොත්
පන කෙන්ද
ගැට ගහගන්නෙ
අමාරුවෙන් කියල
මම දන්නව........

බුදුන් සරණ ගිය
නාලගිරි වගේ
අපිත්
කවදා හරි
මේ සන්සාරෙන්
එගොඩ වෙන්න
ඕන.........

ඒත්,
මනුසත්තු
උන්ට ළමයි
නැති ගානට
හිතක් පපුවක්
නැතිවද,
මගේ සිඟිති
දළ දෙකට
මෙතරම්
කෑදර
අනේ ඇයි අම්මේ....

ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...