Showing posts with label බයිලා. Show all posts
Showing posts with label බයිලා. Show all posts

Saturday, April 23, 2011

අනුන්ගෙ බයිලා

අද අංශ ප්‍රධාන රැස්වීමෙදි රම්‍ය මිස් සෙක්ෂන් එක පාවල දීල...

රහස් සාකච්ඡාවකට පස්සෙ අංජලියි උමන්දායි ආවෙ නහයෙන් අඬාගෙන...

කවුද කිව්වෙ? මම ඇහුව.

කිව්වෙ ජගත් අයියා... එයාට කිව්වෙ සීසී මහත්තයලු.

ඔය කතාව දෙන්නෙක් හරහානෙ ඔයාලට ඇවිත් තියෙන්නේ... ඔය දෙන්න හොඳටම ෂුවර්ද?

මම එහෙම ඇහුවෙ රම්‍ය මිස් අප්සෙට් වුණාට හොඳටම අප්සෙටුත් නැති හින්දා.

ඒත් කෙල්ලො දෙන්නට මාව කොහෙත්ම ෂුවර් නෑ... උන් දෙන්න එකවුන්ටන් එනකල් ඉඳල ඇහුව...

ඇත්තද සර් රම්‍ය මිස් අද රැස්වීමෙදි අපිට බැන්න කියන්නෙ?

එකවුන්ටන් බැරෑරුම් බැල්මක් එක්ක එකපාර කියල දැම්ම...

එයා කතා කලේ සෙක්ෂන් එකේ පැත්තට... කවුද ඔය බොරු කතා පතුරවන්නේ? තමන් කරන වැඩේ කරගෙන ඉන්න අනුන්ගෙ බයිල අහන්නෙ නැතිව.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...