Showing posts with label මහාවංශය. Show all posts
Showing posts with label මහාවංශය. Show all posts

Monday, August 29, 2011

වංසෙ

මහාවංශෙ පරිච්ඡේද 37න් 11ක්ම තියෙන්නෙ දුටුගැමුණු රජතුමා ගැනලු.

ඇත්තද? ඒ මොකද ඒ?

එතුමනෙ ලංකාවෙ ඉතිහාසෙ සම්පූර්ණයෙන්ම වෙනස් කලේ. ඒ වගේම ගොඩක් ධාර්මික වැඩ කලේ. ඒකයි ඒ.

දුටුගැමුණු රජතුමා එහෙම කලා කියල කොහෙද තියෙන්නේ?

ඇයි මහාවංශෙම තියෙනවනෙ ඉතිං.

බොරූ.....

බොරු නෙවෙයි ඇත්ත. මහාවංශෙ බොරු කියලද කියන්නේ?

හ්ම්... වෙන්න ඇති. හැබැයි ඔය එළාර රජතුමත් ධාර්මික රජෙක්ලු. පෝයට සිල් ගත්තලු. වහු පැටියෙක්ව කරත්තෙට අහු කරල මැරුව කියල එයාගෙ පුතාවත් ඒ විධියටම මරවන්න තරම් සාධාරණයිලු. පාලන කාලය අවුරුදු 44ක් නේ.

කවුද කියන්නේ?

ඇයි ඒවත් මහාවංශෙ තමයි තියෙන්නෙ.

ඒව බොරු. ඔය මහා වංශෙත් එක්කෙනෙක් ලිව්ව වෙන්න බෑනෙ. කවුද දන්නෙ එළාරගෙ කට්ටිය සල්ලි දීල ලියවගත්තද කියලා.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...