Showing posts with label කැපකිරීම්. Show all posts
Showing posts with label කැපකිරීම්. Show all posts

Thursday, December 30, 2010

මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...

මගේ ලෝකෙට ඇවිත් මගේ ජීවිතේ විනාස කලා කියලයි මන් හිතුවෙ.
ඔයා මගේ ආදරේ විහිලුවක් කරගෙන කියලයි මං හිතුවෙ.
මගෙ ලඟටම වෙලා මාව විනාසකලා කියලයි මන් හිතුවෙ
කවදාවත් දාල යන්නෙ නෑ කිව්වම මන් හිතුවෙ බොරුවක් කියල
මන් ඔයාගෙමයි කියල පපුවට තුරුලු වෙද්දි හිතුවෙ මන් දකින්නෙ හීනයක් කියල

ඒත් ඔයා මගේ ලෝකෙට ඇවිත් මාව ආරක්ෂා කරල මටත් හොරෙන්
මගෙ ආදරේට පණටත් වඩා ආදරේ කරල ඔයා මටත් හොරෙන්ම
මගේ ලඟටම වෙලා ඉඳලා මගේ දුක බෙදාගෙන මටත් හොරෙන්ම
දහසක් සිතුම් පැතුම් කැප කරල මං වෙනුවෙන්ම

දෙයියනේ....!!!! මන් මොන තරම් මෝඩයෙක්ද......
ඇයි මට ඇත්ත ආදරේ තේරුම් ගන්න බැරි උනේ....

මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...


ලියා එව්වේ - $hine (http://mathakasithuwili.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...