Showing posts with label මෙහෙනිය. Show all posts
Showing posts with label මෙහෙනිය. Show all posts

Friday, October 12, 2012

කඩ්ඩ තමා

විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය.

සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.

“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“

“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“

“එහෙමයි“

“ලේසිද?“

“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“

“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“

ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...