Showing posts with label දෙමව්පියෝ. Show all posts
Showing posts with label දෙමව්පියෝ. Show all posts

Wednesday, October 24, 2012

හිටු කියා බැරිනම් ඉඳු කියා ළමයි හැදීම

ගිහාන් සුරංගලගෙ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සෙ. සුරංගයි ශානිකයි උන් දෙන්නගෙ අවුරුදු හතරක විතර පොඩි එකාට බත් කවාගන්න යුද්දෙක.

ගිහානුත් පැත්තක ඉඳන් යුද්දෙ බලන්න ගත්තා.

පොඩි එකාට තනියම කන්නත් ඕන... අම්මයි තාත්තයි ඉන්නත් ඕන... තව මොනවදත් ඕන වගේ...

ඌ කෑම පිඟානෙ බත් ඇට හල හල බෙරිහන් දෙනවා.

ටිකකින් ශානිකා පොඩි එකා ඉස්සරහ බිම ඉඳගත්තා...

'හරි මගේ සුදු පුතා දැන් කන්නකෝ... අම්මි බිම ඉඳගත්තනේ...'

ඒත් පොඩි එකාගෙ ඇඬිල්ල නැවතුනේ නෑ...

'ඔයත් ඉඳගන්න අනේ...'

ශානිකා සුරංගට කිව්ව. සුරංග ගිහාන් දිහා බලාගෙනම ශානිකා ළඟින් බිම ඉඳගත්තා...

'හරි මගේ සුදු අම්මි තාත්තිත් දැන් බිම. දැන් බයි කන්නකෝ'

සුරංග කිව්වා.

'මරු ළමයි හැදිල්ල.'

ගිහාන් හිතුවා.


ලියා එව්වේ - hare :-)

Related Posts Plugin for WordPress, Blogger...