Showing posts with label නෝන්ඩි. Show all posts
Showing posts with label නෝන්ඩි. Show all posts

Friday, August 3, 2012

පීරගෙ ලබ්බ!

කැස්බෑවෙ පීරිස්ට කවුරුත් කිව්වෙ පීර කියලා.

මේක වුණේ අවුරුදු විස්සකට විතර උඩදි.

ඒ දවස්වල පීරට තිබුණ යමහා ට්‍රේලක්. මිනිහගෙ එකම වස්තුව ඒක. පොර ඒකෙ නැගල දාපු වැඩ ගැන නිතරම නයි ඇරිය.

අළුත් අවුරුද්දක් කිට්ටුව දවසක් මෑන් යාළුවෙක් හම්බවෙන්න කොට්ටාව පැත්තට එද්දි ට්‍රේල නැවතුණා. යාළුවව ගෙන්නගෙන එයාගෙ මෝටර් සයිකලේ ලණුවක් ගැටගහල ට්‍රේල ඇදගෙන ආවා ගරාජ් එකට.

ලණුව අඩි දහයක් විතර දිගයි. කොට්ටාව හන්දියෙන් පාර මාරුවෙද්දි පාර හරහාම ලණුව.

හයිලෙවල් පාරෙ වේගෙන් ආපු බයිසිකල්කාරයො හතර දෙනෙක් ලණුවෙ පැටලිලා බිම.

‍එදා බයිසිකල් රේස් එකක්.

පොළිස් කාරයෙක් ආවා.

‘ඔය ලබ්බ ගනින් යකෝ අහකට’ පොරට මළ පැනලා.

එදා ඉඳන් පීරගෙ ට්‍රේලට කියන්නෙ පීරගෙ ලබ්බ කියලා.


ලියා එව්වේ - hare :-)

Friday, November 12, 2010

පූර්ව ජන්මයේ අපූර්වය සොයා ගැනීම

ගොඩාක් කාලෙකට ඉස්සර.
මම ඒ රටේ නායකයා.
මට විරුද්දව ලියන්නෝ ඔක්කෝම මැරෙව්වා.
මගේ නගරේ ලියන්නෝ බිහිවෙන්න දුන්නේම නෑ.

හොයල හොයල අන්තිමට උත්තරේ හම්බුනා.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වයේයි කර්ම අත්පොතේයි තමයි තිබුනේ.

මුලින්ම නමය වසරෙදි.
නවකතාවක්.
පෙම් කතාවක්.
අහුවුනේ නංගීට.
නෝන්ඩි කෝටියයි.
ලිවීම නැවැත්තුවා.

දෙවෙනියට එකොළහ වසරින් පස්සේ.
නිසඳැස්, කෙටි කතා.
අහුවුනේ යාලුවන්ට.
චා මැක්ස් කලා.
කින්ඩි පිට කින්ඩි.
ලිවීම නැවැත්තුවා.

ඊලඟට ඔෆිස් එකේදි.
ඒත් පොඩි කතා.
ඒකත් යාලුවන්ට.
ආයේ පාරක් නැවැත්තුවා.

අන්තිමට බ්ලොග් එක.
අන්වර්ත නමකින්.
ෆිට්ම උන්ට කිව්වා.
පස්සේ මම්ම කිව්වා.
බොක්කෙන්ම ලිව්වා.
හිතේ හිරවෙලා තිබුනු ඒවා එලියට ගියාම පුදුම සනීපයක්.
මේ පාර නෝන්ඩි සමඟ වලි.
මම ලිවීම නැවැත්තුවා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...