ඔවුන් සැලසුම් සහගතව මා දුවද්දී දැවීයාමකට කොටුකරගෙන ඇතැයි මා වටහාගන්නා විට සියල්ල සිදුවී හමාරය...
තුන්වන විනිසුරුගේ සංඥාව මත සියල්ල තීරණය වනු ඇත.
බොහෝ දේ අහිමි වීමට ඉඩ තිබූ තරඟයක මා සිටියේ ඉක්මනින් ලකුණු විශාල ප්‍රමාණයක් රැස් කරගැනීමේ දැඩි උවමනාවෙනි. උන් ඒ වග තේරුම් ගෙන සිටින්නට ඇත. ඒ නිසාම රැකවල් යොදා තිබුණේ ලිහිල්ව පෙනෙන නමුත් සූක්ෂමවය. දුර්වල තැන්වලට පන්දු යවා මා දවාගැනීමට වඩා උන්ට ඕනෑ කලේ මාව වැරදි පහරකට පොළඹවාගන්නටය.
එක් ලකුණකින් සෑහීමකට පත්වන්නට ආසන්නව උන් අවස්ථාවක දෙවෙනි ලකුණ සදහා මට ඇරියුම් කලේ එහා අන්තයේ උන් මගේ අතිජාත මිත්‍රයාය. ඔහුත් උන්ගේ උගුලේ කොටසක් වන්නට ඇත.
ඈ කුසලානය මෙන්ම තුන්වෙනි විනිසුරුද වූවාය..
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)
Showing posts with label ප්‍රතිවාදියා. Show all posts
Showing posts with label ප්‍රතිවාදියා. Show all posts
Thursday, December 9, 2010
Friday, November 19, 2010
ප්‍රතිවාදියා
මම හිටියෙ පිටපිටම දොලොස් දෙනෙක්වම දාම් පිටියෙන් පරද්දවල. ජයග්‍රහණයේ සංකේතයක් හැටියට සිගරට්ටුවකුත් මගේ මුවග දැල්වුනා.
තව එකෙක් ඉදගත්තා.
මම කලු ඉත්තෙක්ව ඉස්සරහට ඇදල උගුලක් ඇටෙවුව.
ප්‍රතිවාදියගෙ සුද්දෙක් පිම්මක් පැනල මගේ උගුල කඩා දැම්මා.
මම හයියෙන් දුම් උගුරු තුනක් ඇද්දා. තත්ත්වෙ භයානකයි.
සිගරට්ටුව මගේ අතින් ගිලිහුණා. ඒත් එක්කම සුද්දෙක් රජඋනා.
මම පලවෙනි පාරට පරාජිතව ප්‍රතිවාදියාගේ මූණ දිහා බැලුවා.
බුදු නෙතක් වගේ කරුණාවන්ත දෑසක්.
සිගරට්ටුව තාම බිම.
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)
තව එකෙක් ඉදගත්තා.
“මේක ඉහලින් ආපු අණක්”තරගය නරඹන්නො පිරිස අතර හිටි එකෙක් අහක බලාගෙන කිවුවා. නිකන් ඕනෑවට එපාවට වගේ.
මම කලු ඉත්තෙක්ව ඉස්සරහට ඇදල උගුලක් ඇටෙවුව.
“ඉහලින් ආපු අණක්”.ආපහු පිරිස අතරින් කසුකුසුවක්.
ප්‍රතිවාදියගෙ සුද්දෙක් පිම්මක් පැනල මගේ උගුල කඩා දැම්මා.
මම හයියෙන් දුම් උගුරු තුනක් ඇද්දා. තත්ත්වෙ භයානකයි.
“ඉහලින් ආපු අණක්”ආපහු අර මල විකාර කසුකුසුව.
සිගරට්ටුව මගේ අතින් ගිලිහුණා. ඒත් එක්කම සුද්දෙක් රජඋනා.
මම පලවෙනි පාරට පරාජිතව ප්‍රතිවාදියාගේ මූණ දිහා බැලුවා.
බුදු නෙතක් වගේ කරුණාවන්ත දෑසක්.
සිගරට්ටුව තාම බිම.
“නිවිද්දෙන්”මම හිතුව.
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)
Subscribe to:
Posts (Atom)