Showing posts with label ලෝකය. Show all posts
Showing posts with label ලෝකය. Show all posts

Wednesday, October 31, 2012

ලෝකේ හරිම අසාධාරනයි

බෑ අම්මේ ඕකව නම් අතාරින්නෙ නෑ
මටත් ඉන්නවනේ යාලුවෝ..

පුතේ මේක මෙතනින් නවත්වන්න..
උන් තිරිසන්නු, මොනවයින් මොනවද නොකරන්නේ

එතකොට පාඩුවේ පාරේ යද්දී
කතා කරල බිම දාගෙන ගහපුවාම
හරිද?

මම වරදක් කරල තියනවද උන්ට?
මේක මාර ලෝකයක්නේ.... හෙන ගහන අසාධාරනයක්නේ..

නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිම කලෙමි.
"1994 රුවන්ඩා මානව සංහාරයදී
ඝාතනය වූ 800000ක් ගෝත්‍රික වැසියන්ගෙන්,
300000 වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.
එය වැළැක්වීමට එරට පාලනය කළ බෙල්ජියම රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත්හ. තවද.........."
අම්මාගේ නොනවතින කථාවේ අවසන් වාක්‍යද සමගාමීව විකාශනය වනු මට හොඳින් කන වැකුනි.
ලෝකේ හරිම අසාධාරනයි තමයි පුතේ... වරෙන් ඔය මූනේ තැල්ම පොඩ්ඩක් උනු වතුරෙන් තවන්න.

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com)

Tuesday, June 14, 2011

එකම හදවතක් තුල...

සමහරක් දවස්වලට අපි පැයක් දෙකක් කියවනව. සමහර දවස්වලට විනාඩි පහක් කියවන්න තරංවත් දේවල් අපට නෑ.

"අපි දෙන්නගෙ ලෝකය පුංචි වෙලා..."

ඔයාගෙන් මැසිවිල්ලක්...

"නෑ... අපේ ලෝකෙ ස්ථායී නෑ... ඒක ලොකු වෙනව. ආයෙ පොඩි වෙනව...."

මම හිත නොරිදවගෙන සංවාදය පවත්වගන්න හේතු ගේනව...

"කවදහරි නැතිම වෙලා යයිද?"

"නැතිම වෙලා ගියත් ආයෙ ඇති වෙයි..."

"නැති වුණොත්?"

"ආයෙ ඇති වෙනකල් ඉමු."

"හ්ම්..."

අපේ ලෝකයට භූ කම්පන එන්න වගේ තියෙනකොට මම හැම වෙලේම දාර්ශණික කතාවක් දාල ඒක මගඇරියා.

ඒත් හැමදාම ඒක කරගෙන යන්න මට බැරි වුණා.

අන්තිමේ මට උදව්වට ආවෙ හදවතක්...

“ඔයා දන්නවද? අපි ඉන්නෙ එකම හදවතක් ඇතුලෙ.... දන්නවනෙ හදවත හැකිලෙන දිගඇරෙන ස්ථායී නැති වස්තුවක් කියල.”


ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Thursday, November 4, 2010

නැවත උපන් සතී

නිශාගේ මලගෙදර ගිහින් ගෙදර එන්න බස් එකට නැගපු වෙලාවේ ඉඳන් මම කල්පනා ලෝකේ.
මම ආයේ අලුතෙන් ඉපදුනා වගේ මට දැනෙනේ ඇයි??
ඒක හරිම පුදුමයක් නෙමෙයිද?
විශේෂයෙන් නිස්සංක විජේකෝන්ගේ මරණයෙන් සරස්වතී මානවඩුට අලුත්ම ජීවිතයක්
ලැබුනා වෙන්නේ කොහොමද?
ඒත් ඒක එහෙම වෙලා.
නිශාගේ නිසල සිරුර දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනේම මගේ දවස හෙට නෙමෙයි කියලා මම කොහොමද කියන්නේ කියන එක.
"ලෝකයට තමන්ගේ යුතුකම් ඉටු නොකරන මිනිස්සු ජීවත් වුනත් මරුණා වගේ සතී " නිශාගේ වචන ඔව් මම අයුක්තියට විරුද්දව හඬ නගනවා. ඒකයි මගේ යුතුකම.
ඒ මම, අත්තම්මා, අයියා, අක්කලා, බෝ ගහ වත්තේ මිනිස්සු විතරක් නෙමේ හැමෝම වෙනුවෙන්.
මට හිතුනේ මම ආයේ අලුතෙන් ඉපදුනා කියලා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Tuesday, November 2, 2010

වචන 100 වෙත පළමු ලිපිය

මගේ යාලුවේ,

ලෝකය නැමැති බෝඩිමේ ඔබත් ලියන මමත් තාවකාලික ලැගුම් කරුවන් බවද එය යථාර්තය බවද වටහාගන්න.

මිතු දමෙන් මහ මගට..!

ජීවිතේ සැලකිය යුතු කාලයක් බෝඩිමේ ගතකල මට සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ ජීවිතේ...

ඒත්,

වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප්‍ රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා


යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?

ලියා එව්වේ - බෝඩිං (http://bordingkaraya.blogspot.com/)

Tuesday, September 28, 2010

ස්වභාවය, ධර්මය සහ කෝම් පිට්ටු

මිනිස්සු අළුතෙන් හොයාගත් කිසි දෙයක් මේ ලෝකෙ තියෙනවද කියන ප්‍රශ්නෙ ආයෙත් හිතට ආව.

කලින් කවදාවත් සිද්ධ නොවිච්ච කවදාවත් මිහිපිට නොතිබුනු දෙයක් අළුත් දෙයක්ය කියන අර්ථයෙන් බැළුවොත් විදුලිය, රූපවාහිනිය, සිලි සිලි බෑග් එක, වගේ දේවල් අළුත් දේවල්. මොකද ඒව යම් මිනිසෙක් හෝ කාණ්ඩයක් හදල වපුරන තුරු නොතිබුණු දේවල්.

ඒත් මේ හැමදෙයකම ඇතුලාන්තය, යම් දෙයක් සිදුවෙන විදිහට ද්‍රව්‍යමය දේ යම් රටාවකට පෙල ගැස්සවීම විතරයි නේද?

පොල්කට්ටකට වැලි ටිකක් තද කරල ඩිංගිත්තෙක් හදපු කෝම් පිට්ටුවක් වගේමයි. තවත් සොයාගැනීමක්...!

නේද?

'මෙහෙම කලොත් මෙහෙම වෙනවා' ඒ තමයි දැණුම. කොහොම කලොත් දැයිත් අපැහැදිලියි බොහෝවිට.

වැදගත්ම දේ අපිත්, අපේ හිතුත්, කරන කියන දේත්, මේ ධර්මතාවට පිටින් නොයාමයි.

ලියා එව්වේ - ලොකු ( http://www.ransirimal.com/ )

Related Posts Plugin for WordPress, Blogger...