Showing posts with label කල්පය. Show all posts
Showing posts with label කල්පය. Show all posts

Saturday, May 7, 2011

පජාතයෙක්ගේ වැලපුම

අයියෝ.
චාටර්ම චාටර්.
පට්ටම පචයි. පජාතයි.
අයේ ඉතින් ලෝකෙටම මූණ දෙන්න බෑ.
ඉතින් කොහොමද ඒ මූණ ආයෙ ලැජ්ජාවක් නැතුව බලන්නෙ.
නවනින්ගිරාවයි.
දැන් ඉතින් ඉදලා හමාරයි.
විසිසංගෙ නැතුව දැන් කොහොමද පාරෙ බැහැලා යන්නෙ.
පොළොව පලාගෙන යන්න හිතුනා.
පොරටෝක් දීගෙන හිටියට මොන මගුලක්වත් කියාගන්න බෑ.
දුවලා යන්න හිතුනා.
කොල්ලෙක් වෙලා ඉපදුනාට වඩා හොදයි මලානම්.
මදෑ පෙරුන් පුරන් බලන් හිටියා.
හොඳ වැඩේ. හොඳ වැඩේ. හොඳම වැඩේ.
ආයේ ඉතින් ඔක්කොම කරලා හමාරයි.
අනේ මට කෙලින් කතා කරගන්න බැරි හැටි.
සාරසංඛෙයිය පජාත කල්පයයි. තවත් ගොඩකුයි.
මිනිහෙක් දුර්වලයි කිව්වට මෙහෙමත් දුර්වල වෙන්න පුලුවන්ද?
අනේ මන්දා. ඔච්චරටම මොකට බය වුනාද කියලා.

ප.ලි - කමක් නෑ. පළවෙනි වතාවනේ

ලියා එව්වේ - අසුරයා (http://dinukathilanga.wordpress.com/)

Related Posts Plugin for WordPress, Blogger...