"උඹ දන්නවද කෙල්ලේ මං උඹට කොච්චර ආදරේද කියල, උඹ දන්නවද මං උඹට ආදරේ කලේ ඇයි කියල"
"ඔව් මං දන්නවා උඹ ආදරේ කලේ මගේ ලස්සන දිග ඇස් දෙකට, මගේ පුංචි කටට, දිගම
දිග කොණ්ඩෙට.. මං හිතන විදිහට, තව..... යන එන
විදහට..... නේද?"
"බම්බුව....." උඹ හිතනවද මං උඹේ අවයව වලට ආදරේ කළා කියල. එතකොට උඹේ
හැසිරීමට....? විකාර... යන එනමන් නැතුව එක එකාගේ අතපල්ලේ වැටිලා උන්නු මම එදා උඹව දැක්කේ ඉටුදෙවතාවියක් විදිහට."
"ඒ කියන්නේ දැනුත් උඹ ආදරේ කරන්නේ මට නෙමෙයි කියලද ඔය කියන්නේ....?"
"විකාරද.... සත්තකින්ම උඹට තමයි..... මේ ලෝකේ එදා ඉඳන් මං වැඩියෙන්ම ආදරේ
කරන්නේ උඹට.. ඒ ඇයි දන්නවද.... උඹයි මගේ එකම ගැලවුම්කාරී"
ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com/)
Showing posts with label පැතුම්. Show all posts
Showing posts with label පැතුම්. Show all posts
Monday, December 3, 2012
Wednesday, May 9, 2012
වෙජිටේරියන්
ආයතනයේ සේවයට අලුතෙන් පැමිණි තිමිර දහවල් ආහාරය ගැනීම සඳහා ලන්ච් රූම් එක වෙත පිය මැන්නේ ආයතනයේ තිබෙන නීති රීති පිළිබද උදුලගෙන් විස්තර දැන ගන්නා ගමන්මයි.
.........................................................
"මචන් තිමිර උඹට චිකන් කෑල්ලක් දාන්නද?"
"එපා මචන් තැන්ක්ස්... මං වෙජිටේරියන්"
"සිරාවටම උඹ මස් කන්නේ නැද්ද?"
"නෑ බං උදුල මම මස් කන්නේ නෑ"
"ඇයි බං මස් කන්නේ නැත්තේ?"
"මස් කන එක පව් බං"
"අපි මස් කන්නේ මරල නෙමෙයිනේ, මිනිස්සු සත්තු මරණ හින්දනේ බං"
"අපි මස් කෑවේ නැත්තම් සත්තු මැරෙන්නෙත් නෑ නේද මචන් උදුල?"
උදුල තමන්ගේ කෑම පංගුවේ ඇති කොස් ව්‍යංජනයෙන් බිඳක් තිමිරගේ බත් එකට දමමින්...
"අහ්... උඹ බිත්තර කනවද? බිත්තර කන එක පව් නැද්ද බං?"
ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com)

Subscribe to:
Posts (Atom)