මා සිත තවමත් ව්‍යාකූලය.
මෙය බිරිඳට කියනවාදැයි සිතමින් සිටිමි. නැත. ඇය කෝප වනු ඇත.
නිවසට පැමිණි පසු පුතුගෙන්ම විමසිය යුතුය.
පුතු සමග සිටි ඇගේ වරදක් නැත. ලක්සනය. රැකියාවක් කරනවා විය යුතුය. හොඳ පවුලක විය හැක.
එහෙත් ආදරය ගැන දැන්ම සිතිය යුතු නැත. විසි දෙකත් මහ වයසක්ද?
සමහරවිට ඈ වැඩිමහල් විය හැක. මුන් කාමරයකටවත් රිංගුවොත් මගේ පොඩි එකාට අඩු වයසෙන්ම පවුලක් කරගසන්නට සිදුවනු ඇත.
හාපෝ මට ලෝකෙන් අහන්න වෙන කතා.
කොයිකටත් එලෙස සම්බන්ධයක් ඇත්නම් ඒ පවුලත් සමග සාකච්ඡා කල යුතුය. සිද්ධාලේප වෙදමහත්තයාත් ධර්ම සාකච්ඡාවේදී කීවේ එසේය.
නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කැපිය යුතු තැනට වැඩ සැලැස්විය යුතු නැත.
හාපෝ ලව් පවුය.
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)