Monday, January 24, 2011

නැවත උපන් යශෝදරා...

තබන තබන පය පියුමන් පිපෙනු ඇති
සිනහ නගන සොඳ මුව මල් සුවඳ ඇති
නිල් ඉඳුවර දෙනෙතත් මට අගේ ඇති
යශෝධරාවට මා හිත දැනෙනු ඇති

කළුවන් කෙස් කළඹ නිම් නැති සුළඟ වැදී
තාලෙට පැද්දේවි යස රස හැඟුම් දිදී
සිනිදු නළල සඳරැස් වැද දිදුලද්දී
මගේ දෙතොල් සිඹීවි රූ සඳ ලද්දී

රන්වන් රුසිරු රූ සිරුරඟ නලවන්නී
මගෙ සිහිනෙට හොරෙන්ම නූඹ ළංවෙන්නී
නුඹ නැතිවිට පාළුව හිත වපුරන්නී
මගේ ලෝකය සඳ එළියෙන් නාවන්නී

පුංචි හිතට ‍මගේ ආලය තේරෙන්නයි
ආයෙත් විගසින්ම මා වෙත ලංවෙන්නයි
රෝස කොපුලෙ උණුසුම මට විඳගන්නයි
මගේ සඳට කිරි පැනියෙන් උතුරන්නයි

හැමදාමත් හිතේ ලැගුම්ගත්ත... පුංචි නෙළුමක් වගේ යශෝධරාවට, සුබම සුබ උපන් දිනයක් වේවා...!


ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)

1 comment:


Related Posts Plugin for WordPress, Blogger...