Showing posts with label ඩබල් ඩෙකරය. Show all posts
Showing posts with label ඩබල් ඩෙකරය. Show all posts

Monday, January 30, 2012

වඩා සංවර ඩබල් ඩෙකරය ඔබ

ඉඩකඩ මදි කුඩා නැවකි
ඒ දහවලේ ආ ඩබල් ඩෙකරය
තප්පර දෙකක් එහායින් අසුන් ගත් ඔබ
වඩාත් විනීතව
අංශක අනූවකට පමණක්
විටින් විට මවෙතට බර වෙමින්

ජල විදුලිය උපදවන දෑසක්
කොන්දොස්තර උතුමා ළඟ
ටිකට් පත් බලෙන් පිරිනමන
ඒ අතර අපේ ඇස් පරීක්ෂා කරන

නවම් මාවතෙන් සුළං ගෙන
හිමින් මගේ කොපුලත තවරන
කොන්දොස්තරගෙන්
ජල විදුලි බලය ගෙන
හදවතේ විදුලි බල්බ දල්වන

ඩබල් ඩෙකරය
අකමැත්තෙන් 'බෙවර්ලි ස්ට්‍රීටයට'
හිස නවන
වජිර පාරද පෙනෙනa
'ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්'
බොරු දත් පෙන්වා හිනැහෙන
ඔබ තවම විනීතව
අංශක අනූවට මද සිනා පෙන්වන

මම
වඩා අසංවරව
ඩබල් ඩෙකරයට පයින් ගසන
ඔබ
නැවක පා පුවරුවක නැළවෙන
ඉතා සංවරව
වඩාත් බියගුලුව

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Related Posts Plugin for WordPress, Blogger...