Showing posts with label හීනය. Show all posts
Showing posts with label හීනය. Show all posts

Thursday, July 7, 2011

සුදු අයියයි මායි

මං එකපාරට ඇහැරුනා..
සුදු අයියා මගෙ ලගම දොයි
මං හොරෙන්ම එයාගෙ පපුවෙන් ඔලුව තියල
ඉන වටේට හීන්සැරේ අත් දෙකෙන් බදාගෙන
මගෙ ඇස්දෙක වහ ගත්තා
එතකොටම මට තේරුනා
සුදු අයියා ඇහැරුනා
ඒත් නැගිටින්න විදියක් නෑනෙ
සුදු මැණිකේ.... නැගිටින්නෑ...
එයා මාව පැත්තකින් තියන්නයි හදන්නෙ
ඒව්වා කොහෙද
මාත් හරිබරි ගැහිල දොයිය ගත්තා
එයත් ඒ පාර මාව බදාගෙන මගෙ නලල සිප ගත්තා
මං යන්තමින් සුදු අයිය දිහා බලල
තද කරල බදා ගත්තා
මං මයෙ මැණිකට ගොඩාක් ආදරෙයි..
එයා මගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා
මාත් ගොඩාක් ආදරෙයි
කියන්න ඔලුව ඉස්සුව..
ඩෝං..
මොකද ළමයො
බිත්තිය පෙරලන්න හදන්නෙ..
කියල අම්මා කියනව ඇහෙනව
අනේ... කියල මටම කියවුනා


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Friday, May 6, 2011

රත්තරං දුවේ

උඹ මේ ලෝකෙට ආපු දවසේ මට හිතුනේ දිව්‍යලෝකෙ පිපුණ මලක් මගේ අතට වැටුනා කියලා. අම්මගෙ වගේම වටකුරු කළු පාට උඹේ පුංචි ඇස් දිහා බලාගෙන හිටපු එක විනාඩියකට හිතෙන් මං උඹව උස් මහත් කරලා ඉස්කෝලෙ යවලා උඹ ආදරේ කරනවා කියලා මට පෙන්නපු හාදයට උඹව බන්දලා දෙන ලස්සන හීනයක් දැක්කා. උඹ බැඳලා මාව දාලා යන දුකට ඇස් වලට කඳුළුත් පිරුනා. අනේ එතකොටයි මතක් උනේ උඹ තාමත් ඉපදුන ගමන්ම මගේ අතේ නේද මේ ඉන්නේ කියලා. මගේ හිත ගිය දුරක්.

මට සමාවෙයන් දුවේ. මං උඹව රැවට්ටුවේ නෑ. මං තාමත් උඹ ළඟින්ම ඉන්නවා. උඹට ඒක නොදැණුනාට. මං දැකපු හීනෙ හැබෑ වෙනකල් මං මේ ලෝකෙන් පිටවෙන්නෑ.



ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)

Thursday, April 28, 2011

මටත් අක්කා කෙනෙක්

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ. වෙලාව උදේ නමයයි. අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්.

වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද?

හෙමීට දොර ඇරියා.

"මතකයට මගේ ඔබ ඇ."

"හුටා"

"මෙහෙ එනවා.. කෝ බලන්න.. නෑ තව ලගට එනවා"

"නෑ.. මේ.. මං.. අර..."

"අපෝ තමුසෙ ගාව ගද විතරක්. රස්තියාදුවයි ජරාවයි. චික් මල්ලි"

අක්ක අඩනවා.

"සොරි අක්කෙ ආයෙ නෑ. ප්ලීස්"

අක්කා මගේ කනෙන් ඇල්ලුවා.

"ඌයි."

"ආයෙමත් ජරාව බොනවකෝ කරන දේ බලාගන්න"

*****************************************

"නැගිටපං, අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්."

******************************************

"අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...