Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts

Saturday, April 30, 2011

දෙවියෝ

පෘථිවි කක්ෂයේ අරය කෙමෙන් පුංචි වෙන්න අරන් තිබුණ. ඉර වටේ යන හැම මිලිමීටරයක් ගානෙම පෘථිවිය ඉරට කිට්ටු කලා...

එහෙම වෙන්නෙ කොහොමද කියල හොයනවට වඩා ඉතිරි වෙලා තිබුණ කාලය ගැන හොයන්න ලෝකෙම සුපිරි පරිගණක ගිණියම් වුණා.

හරියටම අවුරුදු 27කින් පෘථිවිය සිකුරුගේ මධ්‍ය කක්ෂයේ සමපාත වෙනවා...

ඊට පස්සෙ තියෙන්නෙ වටේටම පිළිස්සීමක්...

අවුරුදු දහස් ගාණක් ඔවුන් නිහඬව අපිව නිරීක්ෂණය කලේ හ‍ඳේ ඉඳන්...

ඒ කතාව හඳ අතුරුදහන් කරන්න කලින් ඔවුන් කෙටියෙන් අපට දැන්නුව...

අපි පරිණාමය වුණ හැටි, ආදරය කරපු හැටි, මරාගත්තු හැටි... සේරම ඔවුන් දන්නවා...

ඔවුන් හඳ අතුරුදහන් කරල දවස් ගානක් ගියාමයි අපට ඒකෙ අනතුර තේරුණේ...

අවසානෙ ඔවුන් හිතලා තවත් අපෙන් වැඩක් නෑ කියල...



-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Wednesday, March 23, 2011

ඇන්ටි ඩැන්ඩ්‍රෆ්ද ෂැම්පූ...

"යුරේකා! යුරේකා! නියම සංයෝගයක් හොයාගත්තා...."

කොණ්ඩෙ ඉත්තැකූරු වගේ කෙලින් වුණ ප්‍රධාන රසායන විද්‍යාඥයා ලොක්ක ගාවටම දුවගෙන ආවා...

"බොස්... මේ පාරනං බිස්නස් නැගලම යනවා... ඉස්හොරි නැත්තටම නැති කරන සංයෝගෙ නියම අනුපාතෙටම හදාගත්තා... ටෙස්ටිං සීයට සීයක් සාර්ථකයි. අදම අළුත් ෂැම්පූ එකේ ප්‍රඩක්ෂන් පටන්ගමු."

කම්පැණියෙ ලොක්ක වැනිලා සුරුට්ටුවෙන් දුම් උගුරක් පිට කරල කළු කණ්නාඩි දෙක උඩින් බලල නැගිටල ඇවිත් අළුත් ඉස්හොරි මර්ධන සංයෝගෙ තිබුණ බීකරය අතට ගත්තා...

තමන්ගෙ ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානිගෙ මූණට සමච්චලේට හිනා වුණ ලොක්ක බීකරයේ තිබුණ දියර සේරම මල් පෝච්චියකට හැළුවා.

"අයිසෙ තමුසෙලට ගෙවන්නෙ ඉස්හොරි නැති කරන ෂැම්පු හදන්න නෙවෙයි. ඉස්හොරි පවත්වන ඒවයි හදන්න ඕන. නැත්තං කොහොමද ප්‍රඩක්ට් එක විකිණෙන්නේ...?"

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...