Showing posts with label comments. Show all posts
Showing posts with label comments. Show all posts

Friday, December 24, 2010

ඇඹලයෝ

කෑලි පින්තූර වටේ රවුම් ගහමින
comments දමමින් ලස්සනයි කියමින
සිතමින් සිටිය හැකි වෙත් නිදිවදිමින
දනන් සිටිති ජාලයේ sick ගහමින

ගෑණු ලියන කල බ්ලොගයේ බැඳි හාද
comments දමා නියමයි යැයි කීවාද?
follower වී පිරිවර වැඩි කරාවෙද?
අනෙකුන් කපා රජ වෙන්නට හැකි වේද?

අනේ දෙවියනේ උන්ට උනු වියෝයා
කරන්ට් පුළුස්සා buzz එකේ ගියෝයා
උදව් කරපු උන් අහකට දැමුවේයා
අවසන ඒකි අරුත් එක්ක ගියේයා

tweet ගසා “ලස්සන” යැයි පැවසුවෙද?
ඇගේ සියලු දේ retweet කෙරුවේද?
වටේ හිටපු උන් කින්ඩිය දැම්මේද?
තිත්ත මිදි නිසා හිවලා දිව්වේද?

හොඳට හැඩට යසට
හිඳ හැර ගිය පරට්ට

නාඩන් මචං නාඩන් මා විහිළු කලා
එන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා


ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...