“මම ආස නැහැ මිස් බදාදා ක්ලාස් එකට යන්න ඒකට වෙනුරිත් එනවා එයා එක්ක මගේ ප්‍රශ්ණයක් තියෙනවා” දවසක් දිලාන් එහෙම කීව්වා.
“බලන්න මිස් මට හොඳ බුට් එකක් ලැබුනා.. නිමාශාගෙන් මම එයාට ගොඩක් ආදරේ කලා මට දුකයි... අද ක්ලාස් යන්න බෑ” ඊයේ එහම කිව්වා
“අන්න දිලාන් ලක්ෂිකාට ලයින් දානවලු” මිතුරියක් එහෙම කිව්වා
“අද වෙනුරිගේ උපන්දිනේ එයාට දිලාන් තෑග්ගක්වත් දීලා නෑහැ මිස්... මැසේජ් එක්ක එවලා විශ් කරලා. ඊයෙත් දිලාන් ක්ලාස් කට් කලා අදත් කට් කලා ” වෙනුරිගේ මිතුරියන් එහෙම කිව්වා.
“ඇයි දිලාන් තෑගි දෙන්න ඔනි...? ” මම ඇහුවා
“ඇයි මිස් දන්නේ නැද්ද දැන් අවුරුදු ගානක් වෙනවා මේ දෙන්නාගේ Affair එකට” හැමෝම එහෙම කිව්වා
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)