Showing posts with label සංජු. Show all posts
Showing posts with label සංජු. Show all posts

Monday, October 29, 2012

අනතුර

"බ්‍රේකින් නිව්ස් ඇහුවෙ නැද්ද ? අන්න ප්ලේන් එකක් කඩං වැටිලලු"
රොහාන්...  නිහඬය.
මා සිත ගැහෙන්නට  පටං ගත්තේය. පාලක කුළුනේ සිටින  සොයුරාට ඇමතුවෙමි.
"අද උදේ එයාබෝන් ගිය එක තමා නංගි බය වෙන්න එපා රොහාන්ට කරදරයක් නැතුව ඇති. මං හොයල බලන්නම්."
රොහාන්... දුරකතනයත් නිහඬය.
"මීට සුළු මොහොතකට පෙර සිදු වූ ගුවන් අනතුරින් යානයේ සිටි සියළුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව.... "
මා  අවට ලෝකයම මා වටා භ්‍රමණය වේ. මම මහ හඬින් කෑ ගැසුවෙමි.
"රොහාන්........"
සියොළඟම සීතලය. දහඩියෙන් පෙඟී ඇත. වෙවුලන දෑතින් ගැහෙමින් දුරකතනය ගෙන මා ඔහු ඇමතීමි.
"රොහාන්......"
"ඇයි රත්තරන් මේ...? පාන්දර දෙකයි. ඔයා නරක හීනයක් දැක්කද මගෙ සුදූ මැණික????"     

 ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)

Friday, September 28, 2012

ඔහු සහ ඇය

"නංගි එයා මාව දාලා ගියා"
උසාවියේ රැව් දෙන කටහඬ ක්ෂණයකට බිඳිලා ගියා.
"එයාට මගෙ ආදරේට වඩා අරයගෙ ආදරේ දැනෙනවලු."
මගෙ හිතට නොඉවසිලිමත් කේන්තියක් ආවා.
"අයියා ඔයා ඒ වගේ කෙනෙක් වෙනුවෙන්ද මේ මැරෙන්න හදන්නෙ?"
මගේ නොඉවසිලිමත් සිත වචන වුණා.
"මට දරා ගන්න බෑ නංගි."
මට ආපහු කේන්තියක් ආවා. හුස්මක් එක්ක ගාලු කොටු පවුරෙ හයියෙන් ඒ කේන්තිය වැදුනා.
"එයාව වෙන කාටවත් දෙන්න බෑ නංගි"
"කෙහෙම්මල... එයාව බලෙන් ගෙනිච්චයෑ."
"අනේ එයාට බනින්න එපා නංගී."
ඒ ආදරේ මගෙ හිත සීරුවා.
"ආපහු එයාව මට ලැබෙනව නම් මම පුලුවන් හැම දේම කරල එයාව රැක ගන්නවා."
ඔහු කියාගෙන යනවා.
මම..... ඔහුගෙ පෙම්වතී සොරකම් කල පෙම්වතාගෙ පළමු පෙම්බරී

 ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...