Showing posts with label දීපිකා කුමාරි. Show all posts
Showing posts with label දීපිකා කුමාරි. Show all posts

Wednesday, June 8, 2011

ආයෙ නම් එන්න එපා කවදාවත්....

ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි කියල කියා දුන්නෙ ඔයයි මට..

එත් ඔයා දන්නෙ නැහැ ඒ දෙයට මම මගේ ජීවිතේ තුල ගොඩාක් ලොකු වටිනකමක් දීල තියන බව...

අදටත් ඔයා ඒක දන්නෙ නැහැ වගේම කවදාවත් ඔයාට ඒක තේරෙණ එකකුත් නැහැ…

මගේ ජීවිතේ සතුට ඔයා කියල කිව්වම ඔයා පුදුම වුනා මතකයි... පුදුම වෙන්න දෙයක් නෑ මොකද මගේ හිත මං වෙනකාටවත් දීල තිබුනෙ නැහැනෙ ඔයා වගේ...

ඔයා ඔයාගෙ අතීතයේ ජීවත් වෙනගමන් මගේ ජීවිතේට ළං උනේ ඇයි...? මගේ ආදරේ විහිලුවට ගත්තෙ ඇයි?
කමක් නෑ මම හැමදාම කලා වගේ ඔයා වෙනුවෙන් ඒ හැම දුකක්ම අද විඳ දරා ගන්නම්...

මොකද ඔයා කියන විදියට මට ඇත්තටම පිස්සුනෙ නේද..?



ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Tuesday, January 18, 2011

ජීවිතය දු‍ටුවෙමි ඇගෙන් මා...

යට ගියාව ඇයි
මතක නැතුවද
කඳුලක් වෙලා
නුඹ ගිලිහුනා…

දහස් වර ඒ
හෙලූ සුසුමන්
නිහඬ ගුවනට
මුසු උනා…

මුලා වුනා මා
පමා උනා ඔබ
සොදුරු පැතුමන්
බොඳ වූවා…

කෙලෙසක හදන්නද
රිදුන මා හද
අරුමයකි ඔබට ඒ දුක
නොදැනුනා…

කිමද යලි මේ
මගේ ලොව වෙත
නිහඩ මා යලි
සෙලවුවා…

එනු එපා යලි
නෙතු අබියසට මා
හදේ දොරගුල්
දැමු වා…

කදුලු පිසලූ
දෑත මෙතුවක
වටී මට ඈ
‍රැකේවා…

ජීවිතය දු‍ටුවෙමි
ඇගෙන් මා
නොදනී ද ඔබ එය
දැනේ වා…

සිනා වෙන්නට
පාර පෙන්නු
ඇයයි මා සිත
දිනූ වා…

පතමි ඔබහට
සුභාශිංසන
තැනු ඒ ලොව
දිනේවා…

සදාදර ඈ
අගේ මට අන්
කාටවත් නෑ
වාසනා….


ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Thursday, December 23, 2010

බෝනික්කයි මමයි....!

"අම්මේ අම්මේ.. අන්න නංගි අද හොඳ වැඩක් කලා..
එයා අම්මගෙ හොඳ සාරියක් කැපුවා.."

"අයියගේ බොරු... මම චූටි කො‍ටුවක්නෙ කපා ගත්තේ.."

"මොනවා.. මම ඊයෙ ඉස්කොලෙ ඇඳපු සාරියනේ.. මැදින්ම කපලනේ.. මොකද්ද මේ චූටි රෙදි කෑල්ලෙන් කලේ??"

"මගේ චුටි බෝනික්කට සාරියක් අන්දන්න ගත්තේ.."

"ඉතින් ඇයි පුතේ සාරිය කැපුවේ.. ගෙදර අච්චර අහකදාන චීත්ත රෙදි තියෙද්දි??"

"බෝනික්කට සාරියකටනේ... ඉතින් එහෙනන් අම්මටත් පුලුවන්නෙ ආච්චිගෙ චීත්ත වලින් සාරි අදින්න.."

"ඉතින් ඇයි පුතා කොනකින් නැතුව මේකෙ මැදින්ම කැපුවෙ??"

"කොනකින් තමයි කැපුවේ... දිග ඇරියොත් නවාගන්නත් බැනෙ.. නවල තියෙද්දිම කොනකින් කැපුවා අම්මේ.."

"හ්ම්... කෝ බෝනික්කට ඇන්දුවද සාරිය..?"

"නෑනෙ අම්මේ.. එයාට සාරි හැට්ටයක් නෑ නෙ.. ඉස්සෙල්ලා ඒක මහල දෙන්න ඕන නේ... "


ලියා එව්වේ - දීපිකා කුමාරි

Related Posts Plugin for WordPress, Blogger...