Showing posts with label මට. Show all posts
Showing posts with label මට. Show all posts

Sunday, June 19, 2011

අනතුර

තවත් එක දවසක්.. ඒත් අද මට ඒ මුහුණ දකින්න බැරි උනොත් ආයි සති ගානකට බලන්න වෙන්නේ නැහැ.. සුපුරුදු විදියට බස් නැවතුමට පල්ලම් බහිද්දි ඈතින් පෙණුනේ ඇයව.. මම දකින්න ආසම කරන ඒ සුන්දර මුහුණ... මාස ගනනක් කියා ගන්න බැරිව හිතේ තෙරපෙන හැඟුම් සමුදාය එක පාරට හිතට එබිකම් කලා වගේ මම ඒ මුහුණ දිහා බලාගෙන පාර පැන්නා..

චරා...ස්...

මගේ කණ ලඟින් ඇහුණු බ්රේක් සද්දෙට ගැස්සිලා මම වටපිට බැලුවා කාර් එකේ රියැදුරා කිසි දෙයක් හිතා ගන්න බැරිව මා දිහාම බලා ඉදැද්දි.. පිටිපස්සෙන් ආපු බයිසිකලේ තරුණයා සෙනඟ මැද මටයි කාර් රියැදුරාටයි බැනවැදුනා. ආපහු පාරේ අනිත් පැත්තට ඇවිත් බලද්දි ඇය ලේන්සුවෙන් මුහුණ වහගෙන හොරෙන් හිනාවෙනවා.

ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...