නැවුම් බ්ලොග් කරුවෙකුගේ නැවුම් සිතුවිලි සිය වචනයකින්
වටින් ගොඩින් එලිය වැටෙනවා.. මුලු රෑම නිදාගත්තෙ නැති උනත් හිතට ගතට මහන්සියක් නෑ. බ්ලොගින් වලට ඇවිත් සති තුනයි. බ්ලොග් කලාවට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා.. සති තුනකදී ගොඩක් දේවල් කලා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේ කොටසක්...
ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයාගන්න පුලුවන් සයිට් එකක් හදන්න හිතාගෙන ආපු මම මේ සීමා මායිම් නැති ඉලෙක්ට්‍රොනික අවකාශයේ කවදාවත් දකින්න නොහිතපු දෙයක් දැක්කා .. ඒ තමයි මනුස්සකම.. මුලින් සල්ලි හොයගෙන ආපු මමමද මේ සල්ලි පැත්තකට දාල මනුස්සකම, අදහස්, දැනුම බෙදාගන්න හදන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.. නොදැකපු මනුස්සයයෙක්ගෙන් මනුස්සකම අත්විදිනවා කියන්නෙ කොච්චර සුන්දර දෙයක්ද?
ලියා එව්වේ - චතූ (http://yasanthaonline.blogspot.com/)