Showing posts with label හොඳම. Show all posts
Showing posts with label හොඳම. Show all posts

Tuesday, November 30, 2010

ස්තූතියි ඔබ සැමට... !


මිනිසා යනු එක්ව වෙසෙන සත්ත්ව විශේෂයකි. එය මිනිසා “මිනිසා” බවට පත්කල ප්‍රබලම සාධකයකි. මේ නූතන යුගයේ ඔවැනි ඉතිහාස කතා ගණන්ගන්නා, උගන්නා අය ඇත්තේ අඩුවෙනි. ඒත් සාමූහිකත්වය නිරන්තරයෙන්ම ජයග්‍රහණය වෙත මිනිසා මෙහෙයවන ප්‍රබල උත්ප්‍රේරකයකි.

එය අද අපි නැවත සනාථ කලෙමු.

කොළඹ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 බ්ලොග්කරණ තරගාවලියේදී වසරේ හොඳම බ්ලොග් අඩවිය ලෙස one|zero|zero සම්මානයෙන් පිදුම් ලදී.

සියය ගණින අපි මේ කවුළුව ඔබට විවර කරන්නට ලැබීම ගැන නිරහංකාරව අප්‍රමාණ සතුටක් ලබමු. එහෙත් මේ ගෞරවය one|zero|zero වෙත ලියූ, කියවූ, අදහසකින් දිරියක් වූ ඔබ සැමගේය.

මේ one|zero|zero ‍ලද ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සැම වෙත පිදෙන අපගේ උණුසුම් උත්තමාචාරයයි!

ලියා එව්වේ - සීය ගණින අපි (http://onezerozerowords.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...