Showing posts with label වඳුරෝ. Show all posts
Showing posts with label වඳුරෝ. Show all posts

Friday, February 18, 2011

පිචෑර් බැලිල්ල..

"සීයේ සීයේ ටවුමේ මාර පිචෑර් එකක් ඇවිල්ල අන්න.. අපි යමුකො බලන්ට."

"අනේ බං කොලුවො මේ වයසට මං කොහොමෙයි ඔය පිචෑර් බලන්නේ... ඔය කවි බණක්
අහලා තොරණක් කාරිය බලාගෙන ඉන්නවා මිසක."

"අනේ සීයේ. මේ කථාවේ තියෙන්නේ තනියම කැලේ ඉන්න ගෑණූ ළමයෙක් ගැනනේ."

“කාරිනෑ.."

"මහා වඳුරු රංචුවකුත් ඉන්නවාලු ඒ ගෑණු ළමයගේ තනියට."


"හ්ම්."

"ඒ වඳුරු රංචුවේ නායක වඳුරෙකුත් ඉන්නවා. හරියට අර නලපාන ජාතකේ වගේ."

"හ්ම්…"

"ඒ කට්ටිය එකතුවෙලා හරි හරි වැඩ කරනවාලු සීයේ.."

"හ්ම්.. හ්ම්..."

"වැඩේ කියන්නේ සීයෙ ඒ ගෑණූ ළමයා පිචෑර් එක ඉවර වෙනකම්ම ඇඳන් ඉන්නෙ පොඩිම
පොඩි රෙදි පටි කෑල්ලක් විතරයිලු.."

"එහෙනං යමංකෝ කොලුවෝ. කාලෙකින් වඳුරු රැලක් දැක්කෙත් නෑ නොවැ...”


ලියා එව්වේ - අමිල ගම්මුදලි

Related Posts Plugin for WordPress, Blogger...