Showing posts with label ඊජිප්තුව. Show all posts
Showing posts with label ඊජිප්තුව. Show all posts

Wednesday, March 30, 2011

ලිප්ටන්... නයිස් ටී බෑග්

මිසරයින් හිතන්නේ අලුත් පෙරළියකට ඔවුන් පාර පෙන්නුවා කියලා. හැම තැනම
ඔවුන් උපදේස් දෙනවා, බලපෑම් කරන හැටි උගන්වනවා. හමිදු අවුරුදු බර ගානක්
ඊජිප්තුව දැකලා නැති කෙනෙක්, ඒත් කතාව මුල ඉඳන් අග දක්වා තාරීර්
චතුරශ්‍රයේ හිටි එකෙක් වගේ. අවුරුදු තිහක් නිදාගෙන හිටි උන් මගෙන් අහනවා
අපි මොනවද කරලා තියෙන්නේ කියලා.

මං කරබාගෙන හිටියා. ඒකාගේ අරියාදුව ඉවසන්න බැරි තැන මං කතා කරන්න පටන් ගත්තා...

"මීට අවුරුදු විස්සකට කලින් අපේ උන් පෙටා..."

"ඔව්, ඔව් පෙට්‍රා අද නටබුන් අතරේ." හමීදු කියාපිය

"ඒ කාලේ ලිප්ටන්..."

"ලිප්ටන්... නයිස් ටී, ටී බෑග් උණුවතුරට දාලා ඕන ගානට කහට ටික අරන් තේ
කොළ විසිකරනවා නොවැ කුණු කූඩෙට. එන්ජොයි සිලොන් ටී..."

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...