Showing posts with label කාලගුණ වාර්තාව. Show all posts
Showing posts with label කාලගුණ වාර්තාව. Show all posts

Tuesday, November 9, 2010

හෙටත් වැස්සලු...

ඉස්සරම කාලේක මම වැස්සේ තෙමුනේ හරියට කල්ප කාලයකට වැහි වහින්නේ නෑ වගේ.
එතකොට ඒ වැස්සේ තෙමෙන්න මාත් එක්ක එකතු උනු තවත් කෙනෙක් හිටියා.

සීතලම සීතල දවස් වල උනත් අපි දෙන්නා අත් අල්ලගෙන පාර පුරා වචනයක්වත් නොකියා මේ වැස්සේම තෙමුණා.

සමහර දවස් වලට තෙමිලා ගෙදර ආවම බැනුම් අහගෙන උනත් මගේ කොණ්ඩේ වේලුවෙත් එයා.
හෙට වහිනවද කියල කලින් දවසේම weather report බලන්නේ පහුවෙනිදාට කුඩයක් අරන් යන්න.

දිගට තිබුණු කොණ්ඩෙත් කපලා දැම්මා තෙමුණොත් වේලන්න වෙයි කියලා.
අන්තිමට මට එපා උනේ ඔහු විතරක්ම නෙමෙයි. වැස්සත් මට එපා උනා.

අද වෙනකොට වැස්ස එක්ක මම තරහා වෙලා.

ඔන්න හෙටත් වහිනවා කියල news වලට කියනවා ඇහුණා.


හයියෝ....

ලියා එව්වේ - Il mondo di una povera pazza (http://burubabe.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...