Showing posts with label ජීවිතයක බර. Show all posts
Showing posts with label ජීවිතයක බර. Show all posts

Wednesday, January 19, 2011

"මගේ වාරය එනතුරා......"

"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......

මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ

යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ

මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා

ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?"


ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...