බ්‍රම්..... බෘම්..... (වාහනයක හඩ ඇසෙයි)
කන හිරි වට්ටන පීකර් හඩක්ද ඇසෙයි (ලාවට)
මෙ ඔබ අමතන්නෙ ***** නගරසභාවෙ ප්‍රාචාරක අංශයයි (ලාවට ඇසේ)
ඉදිරි සතිය තුල පැවෙත්වෙන ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් නොමිලේ පැවැත්වෙන (මහ හඩින් ඇසේ)
දියවැඩියා පරික්ෂනයට සහභාගි විමට ඔබටත් අවස්ථා.... (ආයෙත් ලාවට ඇසේ)
සහභාගිවිම සදහා ******************************* (ඇසෙන්නේම නැත)
ඔන්න ඔහොමයි අපෙ පැත්තෙ නගර සහාවෙ ප්‍රචාරක අංශේ
සම්පුර්ණ විස්තරය අසා ගැනිම අවශ්‍ය නම් වහාම යතුරු පැදියක නැග ප්‍රචාරක අංශය හඹා යන්න...
අමතක නොකර හිස් ආවරණයද පලදින්න... මන්ද ප්‍රචාරක අංශය ඉතා වේගවත්ය....
ගමේ එක කොනකට මුල් වචන ටිකද අනෙක් කොනට අවසානයද ප්‍රචාරය කරන නගර සභාව මාරයි!
ඔන්න ඔහොමයි ඉතිං නගර සභාවෙ පරචාරක අංශේ දැනුම
ලියා එව්වේ - තොප්පියා (www.thoppiya.info)